lan englan tam

O Oපේ

“මම රට වෙනුවෙන් දේවල් කරපු කෙනෙක්.., මට අපහාස කරන්න කිසි කෙනෙක්ට අයිතියක් නෑ” - කුමාර තිරිමාදුර

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තමා රෝහල් ගත කර අතිශය අවදානම් තත්වයක සිටින බව සඳහන් කරමින් සමාජ මාධ්‍යයේ සහ යූටියුබ් හි පළකර තිබූ එක්තරා වීඩියෝවක් පිළිබඳව ප්‍රවීණ රංගන ශිල්පී කුමාර තිරිමාදුර අදහස් දැක්වීමක් හා පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේයි.

මෙහිදී අදහස් දක්වමින් රංගන ශිල්පී කුමාර තිරිමාදුර සඳහන් කර තිබුණේ, මේ දිනවල තමන් ඉතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිය නවතම චිත්‍රපටයට සූදානම් වෙමින් සිටින බවත් ,අදාළ වීඩියෝව AI තාක්ෂණය යොදාගෙන නිර්මාණය කර තිබූ  සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් වන බවයි.

මීට පෙරද මෙම යූ ටියුබ් නාලිකාව මෙලෙසම තවත් කලා කරුවන් කිහිප දෙනෙකුටම අපහාස වන පරිදි විඩියෝ නිර්මාණය කර ඇති බවද, මෙවර තමන්ට ද අපහාස කරමින් වීඩියෝවක් නිර්මාණය කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම තමන් වැනි කලාකරුවෙකුට මෙලෙස අපහාස කිරීම පිළිබඳව දැඩිව හා සංවේදීව අදහස් පල කළ ඔහු මීට එරෙහිව අනිවාර්‍යයෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද වැඩිදුරටත් සඳහන් කළා.

වීඩියෝව නරඹන්න -Click Here

මතු දැක්වෙන්නේ කුමාර තිරිමාදුර මේ පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා එක් කර තිබූ සටහනයි.

(උපුටා ගැනීම)

මිතුරන්ට සහ මට ආදරය කරන සියලුදෙනාට,
 
පසුගිය දිනවල සමාජ මාධ්ය සහ YouTube තුළ මම රෝහල්ගත වී අතිශය අවදානම් තත්වයක සිටින බව සඳහන් කරමින් පළවූ වීඩියෝ සහ පුවත් පිළිබඳව මම මේ මගින් පැහැදිලි කිරීමක් ලබා දීමට කැමතියි.
 
එම සියලු තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්ය සහ AI තාක්ෂණය භාවිතා කර නිර්මාණය කළ වංචාකාරී අන්තර්ගතයන් වේ.
 
මම සම්පූර්ණයෙන්ම සුවයෙන්, සුරක්ෂිතව සිටින අතර, මට ආදරය කරන බොහෝ දෙනා මෙම අසත්ය පුවත් දැක කලබලයට පත්වූ බව දැනගත් විට මට දැඩි කනගාටුවක් ඇතිවුණා.
 
කරුණාකර මෙවැනි සත්යාපනය නොකළ පුවත් විශ්වාස නොකරන්න සහ ඒවා බෙදා හැරීමෙන් වළකින්න.
 
එසේම, මෙම අසත්ය වීඩියෝව සහ YouTube චැනලය report කිරීම සඳහා ඔබගේ සහයෝගය ඉතාමත් වැදගත්ය. කරුණාකර ඒවා වාර්තා කිරීමට කටයුතු කරන්න.
 
මෙවැනි අසත්ය තොරතුරු පැතිරීමෙන් පවුල්වලට ඇතිවන මානසික පීඩනය ගැනත් කරුණාකර සිතන්න.
 
මෙම වංචාකාරී අන්තර්ගතයන්ට එරෙහිව අප විසින් දැනටමත් අවශ්ය පියවර ගනිමින් සිටිමු.
 
මේ වෙලාවේ මට සහ මගේ පවුලට දක්වන ඔබගේ ආදරය, සැලකිල්ල සහ සහයෝගය ගැන හෘදයෙන්ම ස්තුතියි.
නිවැරදි තොරතුරු සඳහා කරුණාකර අපගේ නිල ප්රකාශ පමණක් විශ්වාස කරන්න.
ස්තූතියි !
 
කුමාර තිරිමාදුර
(උපුටා ගැනීම අවසන්)

kemadasa

shungara

Back to top
Go to bottom