lan englan tam

අනුරාධා කෝදාගොඩගේ නවතම පරිවර්තන කෘතිය “නොදී ඉඳීමේ සියුම් කලාව” මේ සැප්තැම්බර් මාසයේදී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"චාල්ස් බුකෝව්ස්කි කියන්නේ නොම්මර එකේ බේබද්දෙක්, සල්ලාලයෙක්, උපන්ගෙයි සූදු අන්තුවෙක්, පාදඩයෙක්, ඊටත් අමතරව, ඔහුගේ නරකම දවස් වලදී කවියෙක්.

ජිවිතේ ගැන උපදෙසක් බලාපොරොත්තු වෙන්න හෝ එවැනි ස්වයං-උපකාරක පොතක සඳහන් වෙයි කියල කෙනෙක් බලාපොරොත්තු වෙන, මේ ලෝකේ ඉන්න අන්තිමයා ඔහු වෙන්න පුළුවන්.

ඒ නිසයි ඔහුගෙන්ම පටන් ගැනීම වඩාත් සුදුසු වෙන්නේ. බියුකොව්ස්කිට උවමනා වුණේ ලේඛකයෙක් වෙන්න. ඒත් දශක ගණනාවක් ඔහු ලියූ දේවල් හැම සඟරාවකින්ම, පත්තරයකින්ම, ජර්නලයකින්ම, ප්‍රකාශකයෙක්ගෙන්ම ප්‍රතික්ෂේප වුණා. ඔහු ලියන දේවල් ජරාවක් බව ඔවුන් කිව්වා. අසංස්කෘතිකයි. අශික්ෂිතයි. දුෂිතයි. මෙවැනි ප්‍රතික්ෂේපිත ලියවිලි දවසින් දවස ගොඩ ගැහෙද්දී, අසාර්ථකත්වයේ බර විසින් ඔහුගේ ජිවිතයෙන් වැඩිකාලයක් මත්පැන් වලින් ජීවය ලැබූ මානසික අවපීඩනයක් කරා ඔහුව තල්ලු කළා. "

 

544820600 10236770256906530 7970273616726725146 n 

අනුරාධා කෝදාගොඩගේ නවතම පරිවර්තන කෘතිය වන 'නොදී ඉදීමේ සියුම් කලාව' මේ සැප්තැම්බර් මාසයේදී සුබාවි ප්‍රකාශනයක් ලෙස නිකුත් වෙනවා.

ඒ අනුව  (BMICH) හි පැවැත්වෙන එළඹෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී සුබාවි පොත් ප්‍රකාශකයින්ගේ කුටියෙන් මෙම කෘතිය මිලදී ගත හැකියි.

මාක් මැන්සන් විසින් රචිත 'The Subtle Art of Not Giving a F*ck: A Counterintuitive Approach to Living a Good Life' කෘතියේ සිංහල පරිවර්තනය වන මෙම කෘතියේ අන්තර්ගතය පිළිබඳව කෙටි හැදින්වීමක් මතු දැක්වේ.

 

මාක් මැන්සන් විසින් රචිත The Subtle Art of Not Giving a F*ck: A Counterintuitive Approach to Living a Good Life යනු තවත් එක ස්වයං-උපකාරක පොතක් නොවේ. එය අප සැමවිටම ධනාත්මකව සහ සතුටින් සිටිය යුතුය බවට වන සම්ප්‍රදායික මුලාවට අභියෝග කරයි. ඒ වෙනුවට, සැබෑ තෘප්තිය ලැබෙන්නේ ජීවිතයේ නොවැළැක්විය හැකි ඍණාත්මක දේ වැළඳ ගැනීමෙන් සහ පිළිගැනීමෙන් බව මැන්සන් තර්ක කරයි.

ඔබ ඔබේ ජීවිතය දෙන්න සූදානම් කුමක් වෙනුවෙන්ද? එසේත් නැත්තම් නොමැරී ජීවත් වීමට ඔබව පොළඹවන, ඔබගේ ආශාව දල්වන දේ කුමක්ද? මෙම පොතේ මූලික අදහස වන්නේ, අපගේ කෙටි ජීවිත කාලයේදී, පුංචි හැමදේටම ජීවිතය දෙන්නේ නැතිව, ජීවිතය දීමට තරම් වැදගත් දේ හඳුනාගැනීම, ඒ වෙනුවෙන් විඳින්නට වන වේදනාව පිළිබඳව සවිඥානක වීම සහ තමන්ගේ තෝරාගැනීම් සම්බන්ධයෙන් වගකීම බාරගැනීම බව වටහාදීමයි. මෙම පොත ගැටලු මඟහැරීමෙන් නොව, ඔබට අරගල කිරීමට කැමති ගැටලු තෝරා ගැනීමෙන් ජීවිතයට අරුතක් සොයා ගැනීමට උපකාරී වන අව්‍යාජ, අවංක මඟ පෙන්වීමක්.

සතුට යනු ගමනාන්තයක් නොව, ඔබ විසින් විසඳීමට තෝරාගත් ගැටලු විසඳීමෙන් ලැබෙන් අතුරු පලයක් බව මැන්සන් කියයි. මෙහි ප්‍රධාන කරුණ වන්නේ ගොදුරු මානසිකත්වයෙන් මිදී, ඔබේම ජීවිතයේ ක්‍රියාශීලී නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කිරීමයි.

අවසානයේදී, මෙම පොත මඟින් 'නොදී ඉදීමේ' සියුම් කලාව යනු සැබවින්ම ජීවිතයේ වැදගත් දේ ගැන පමණක් සැලකිලිමත් වීමට ධෛර්යය සොයා ගැනීම වන බවත්, එය වඩාත් අව්‍යාජ සහ අර්ථවත් පැවැත්මකට මඟ පාදන බවත් අපට කියාදෙයි.

 

 546621368 10236810187944781 3832418157012750232 n

 

 

kemadasa

shungara

Back to top
Go to bottom