lan englan tam

ආපදා තත්වය සමග රුධිර හිඟයක්! (රුධිර දායකත්වය ලබා දිය හැකි ස්ථාන මෙන්න)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ වන විට දිවයිනේ සෑම ප්‍රදේශයකටම බලපා ඇති හදිසි තත්ත්වය හේතුවෙන් දින කිහිපයක් පුරාම රෝහල් වලට අවශ්‍ය රුධිරය අදාල ලේ බැංකු වලට ලැබීම අඩාල වී රුධිර හිඟයක් ඇති වී තිබෙන බව ජාතික රුධිර පාරවිලයන සේවය සදහන් කරනවා.

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ජංගම රුධිර කඳවුරු සංවිධානය කිරීම අපහසු වීම හා පෙර සංවිධානය කරන ලද ජංගම කඳවුරු වලට රුධිර දායකයින්ට පැමිණීම අපහසු වීම මෙම ත්ත්වය ඇති වීමට හේතු වි ඇති බවයි එම සේවය පවසන්නේ.

මේ හේතූවෙන් ජාතික රුධිර සංචිතය ඉතා අවධානම් ලෙස පහත වැටීමෙන් රුධිරය අත්‍යාවශ්‍ය රෝහල්ගත රෝගීන්ට රුධිරය ලබා දීම ඉතා අපහසු තත්ත්වයකට පත්වෙමින් පවතින බවත්, ඉදිරි දින කිහිපය තුළදී අවශ්‍ය රුධිරය එකතුකර ගැනීම තවදුරටත් අඩාල වුවහොත් රුධිරය අවශ්‍ය වන රෝගීන්ට රුධිරය ලබා දීමට ඉතාම අසීරු තත්ත්වයකට පත් විමේ ඉඩක් පවතිනවා.

එම නිසා දිවයින පුරා සිටින අමිල වූ ජාතික මෙහෙවරක් සිදු කරන රුධිර දායක මහත්ම මහත්මීන් හැකි සියලු දෙනාම ලඟම ඇති ලේ බැංකුව වෙත තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් ගොස් තමන්ගේ රුධිරය පරිත්‍යාග කරන මෙන් ජාතික රුධිර පාරවිලයන සේවය විසින් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.

 

පහතින් දැක්වෙන්නේ දායකයන්ට රුධිරය ලබා දිය හැකි ස්ථාන පිළිබඳව පිළිබඳව සටහනකි.

විශේෂයෙන්ම නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට මෙන්ම වැඩි රුධිර අවශ්‍යතාවයක් පවතින පහත සදහන් ලේ බැංකුවලට පැමිණ රුධිරය පරිත්‍යාග කරන මෙන් ඉල්ලා සිටිමු.

පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී මෙන්ම ( 011 236 9931, 011 722 0677 )

පෙ.ව.8.00 සිට ප.ව. 4.00 දක්වා

රාගම ශික්ෂණ රෝහල - 011 296 0535/ 011 2959261

මහරගම අපේක්ෂා රෝහල - 011 284 9525/ 011 289 7377

යාපනය - 021 2223063/ 021 2222261

කුරුණෑගල - 037 2229617/ 037 2223873

අනුරාධපුරය - 025 2222261/ 025 2236424

මහනුවර - 081 2203100/ 081 2222261

බදුල්ල - 055 2222124/ 055 2222261

හම්බන්තොට - 047 2222016/ 047 2220261

 

588067213 1272747894898545 3570896675939481444 n 1

මූලාශ්‍රය - National Blood Transfusion Service - Sri Lanka නිල ෆේස්බුක් පිටුව

 

 

kemadasa

shungara

Back to top
Go to bottom