lan englan tam

ලොවක් සංවේදී කරමින් මරණයෙන් පළා ආ සුනඛ රංචුව!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඊසානදිග චීනයේ ගම්මානයකින් සොරකම් කරන ලද සුනඛයන් හත්දෙනෙකු, මස් පිණිස විකිණීම සඳහා උන්ව රැගෙන ගිය ජාවාරම්කරුවන්ගෙන් මිදී පලා ගොස්, අනතුරුව කිලෝමීටර් 17 ක් දුර ගෙවා ඔවුන්ගේ හිමිකරුවන් වෙතම නැවත ආරක්ෂිතව පැමිණි ඉතා සංවේදී පුවතක්  වාර්තා වෙනවා. 

මෙම සුනඛයන් හත් දෙනා එක්ව සිය නිවෙස් සොයා යන අයුරු දැක්වෙන දර්ශන පෙළක් ද මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර මේ වන විට එම වීඩියෝව මිලියන 230 කට අධික පිරිසක් නරඹා ඇති අතර, මේ සමඟම සත්ව ආරක්ෂණ නීති දැඩි කරන ලෙස වන ඉල්ලීම්ද  යළි කරළියට පැමිණ තිබේ.

 

 

පසුගිය මාර්තු 16 වන දින ජිලින් පළාතේ (Changchun) හි කාර්යබහුල අධිවේගී  මාර්ගයක මෙම සුනඛයන හත් දෙනා ඇවිඳ යන අයුරු "ලූ" නැමැති පුද්ගලයෙකු විසින් වීඩියෝ ගත කර තිබුණි.

එම දර්ශනවලට අනුව, තුවාල ලැබූ ජර්මන් ෂෙපර්ඩ්  වර්ගයේ සුනඛයෙකු වට කර ගනිමින් ආරක්ෂිතව අනෙක් සුනඛයන් ගමන් කළ අතර, ඉදිරියෙන් ගිය කෝර්ගි (Corgi) වර්ගයේ සුනඛයා කිසිවෙකු මඟ හැරී ඇත්දැයි බැලීමට නිරන්තරයෙන් ආපසු හැරී බලනු දක්නට ලැබිණි. මෙම කණ්ඩායමට Golden Retrievers, Labradors, Pekinese වර්ගයේ සුනඛයන් ද ඇතුළත් විය.

 

ලූ නැමැති පුද්ගලයා චීනයේ (Dahe Daily) පුවත්පතට පවසා තිබුණේ, "ඔවුන් හරියට කරදරයක වැටුණු සහෝදර පිරිසක් වගෙයි. කිසිසේත්ම අතරමං වූ සුනඛයන් වගේ නෙවෙයි, ඔවුන් ඉතාමත් සංවිධානාත්මකව ගමන් කළා," යනුවෙනි.

පසුව ඔහු මෙම වීඩියෝව චීනයේ (Douyin) සමාජ මාධ්‍ය ජාලයට එක් කරමින් මේ පිළිබඳව මැදිහත් වන ලෙස ඔහු ප්‍රදේශීය බලධාරීන්ගෙන් ඉල්ලා සිට ඇත.

පසුව ස්වේච්ඡා සේවකයන් ඩ්‍රෝන යානා පවා යොදා ගනිමින් මෙම සතුන්ගේ ගමන් මග නිරීක්ෂණය කරමින් ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සලසා දීමට කටයුතු කර තිබේ.

ඒ අනුව දින තුනක ඉතා දුෂ්කර ගමනකින් පසු මාර්තු 19 වන විට මෙම සුනඛයන් හත් දෙනා සිය හිමි කරුවන් වෙත ආරක්ෂිතව පැමිණීමට සමත්ව තිබෙන බවයි සඳහන් වන්නේ.

මූලාශ්‍රය - South China Morning Post

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom