"සියලු පහසුකම් සහිත දැවැන්ත ශාලාවල නර්තනය හදාරන දුවා දරුවන් සහ මේ අසරන දරු පැටව් අතර ඇත්තේ ලාංකීය ජන සමාජයේ දිසානතිය පෙන්වන ඇද රේඛාවක් බව පවසන්නට සිදුවන්නේ දැඩි කම්පනයකින්. මේ සටහන දුහුවිල්ල මත පිපෙන ඒ දරුවන්ට උපහාරයක් පිණිසයි."
මල් කොතැන පිපුනත් සුවඳයි...
දරුවන් ද එහෙමයි....
උයනක පිපුනත් වියළි කර්කශ දුහුවිල්ලෙහි පිපුනත්, පිපෙන්නට වෙර දරන මල් කැකුළු වලට සිය පෙති විහිදා සුවඳ පතුරවන්න ආදරය, රැකවරණය, ඉඩ හසර අවැසියි..
ඒත් දුහුවිල්ලෙහි පිපෙන මල් වලට ඒ අවධානය අහිමි නම්...
තමන් අත්විඳි එවැනි අවස්ථාවක් ගැන ප්රවීන රංගන ශිල්පී ජනක කුඹුකගේ සිය මුහුණු පොතෙහි තැබූ සංවේදී සටහනක් කෙරෙහි අප අවධානය යොමු වුණා.
දුහුවිල්ලෙන් පිරී ගිය මාවතේ හිඳ නර්තනයේ යෙදෙන ළමුන් පිරිසක් මේ රංගන ශිල්පියාගේ හදවතට ඇති කළේ කම්පනයක්.
“කොළඹ පැල්පත් නිවාස වල ජීවත්වන කුඩා ළමුන් පිරිසක් තම නිවාස වෙත යන මාවතෙහි නර්ථනයක් පුහුණු වෙන අයුරු හදිසියේ මගේ කැමරාවේ සටහන් වුනා.
මෙම කුඩා නිවෙස් තුල පුහුණු වීමට ඉඩකඩක් නොමැති වීමත්,ශාලා පහසුකම් නොමැති කමත් ආර්ථික දුෂ්කර තාවයෙන් හෙම්බත් වී සිටීම නිසාත් දුහුවිලි පියාඹන මාවත ප්රයෝජනයට ගනිමින් මේ දරුවන් අලංකාර රටා මවමින් පුහුණු වීමෙහි යෙදුනා.
සියලු පහසුකම් සහිත දැවැන්ත ශාලාවල නර්තනය හදාරන දුවා දරුවන් සහ මේ අසරන දරු පැටව් අතර ඇත්තේ ලාංකීය ජන සමාජයේ දිසානතිය පෙන්වන ඇද රේඛාවක් බව පවසන්නට සිදුවන්නේ දැඩි කම්පනයකින්.
මේ සටහන දුහුවිල්ල මත පිපෙන ඒ දරුවන්ට උපහාරයක් පිණිසයි.”