“නගින්න යන මේ නඩේට සුමන් සමන් දෙවි පිහිටයි
නැගලා බහින මේ නඩේට බුද්ධං සරණේ සරණයි”
සීතල උඳුවප් පොහොය සමඟින් මේ ආරම්භ වුයේ සිරිපා වන්දනා සමය යි....
සියලු බැතිමතුන් ජාති, ආගම් භේද නොසලකමින් සිරිපා කරුණා කරන්නට එකට එක්කාසු වන සමය යි....
එසේම ආගමික වශයෙන් පමණක් නොව පාරිසරික වශයෙන් ද වැදගත්කමක් උසුලන ශ්‍රී පාදස්ථානය සුරැකීමට ලාංකිකයන් ලෙස එකට එකතු විය යුතු සමය යි...
මේ පින්බර සිරිපා සමයේ ඔබ සිරිපා කරුණා කරන්නට යන්නේ නම් කැළි, කසල දමා පින් බිම කිළිටි නොකර, පා සටහන් පමණක් ඉතිරි කර, මතකයන් පමණක් නැවත රැගෙන ඒමට ඔබටම පොරොන්දු වන්න.
පොලිතින්, ප්ලාස්ටික් ආදී නොදිරන අපද්‍රව්‍ය ශ්‍රී පාද පද්ධතිය තුලට රැගෙන නොයන්න ඔබටම පොරොන්දු වන්න.
ශ්‍රී පාදය සුරැකීමේ වගකීමට එකතු වෙන්න.
මුළු මහත් ලෝක වාසීන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ මේ පින්බිම රැකගත හැක්කේ අන් කිසිවෙකුට නොව අපටම පමණයි.