නවසීලන්ත අගමැතිනිය ජෙසින්ඩා ආඩේන් Jacinda Ardern
ඔස්ට්‍රේලියානු අගමැති ස්කොටි මොරිසන්ට අනුව බ්‍රෙන්ටන් ටැරන්ටි නැමති තම ඔස්ට්‍රේලියානු පුරවැසියා අන්ත දක්ෂිනාංශික ප්රචන්ඩ ත්‍රස්තවාදියෙකි. බ්‍රෙන්ටන් යුරෝපා රටවල් වලට හා ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණිකයන් ලෙස පැමිණෙන මුස්ලිම් ජාතිකයන්ව දුටුවේ සුදු ජාතිකයන්ගේ ගම් බිම් හා රටවල් උදුරාගන්නාවුන් ලෙසටය. බ්රෙන්ටන්ගේ ඒ දැක්ම අන්ත ජාතිකත්වයක " ආගමිකත්වයක හෝ වර්ගවාදකත්වයක මුලික ලක්ෂණයකි. හිට්ලර් යුදෙව්වන්ව දැක්කේත් එසේය. එවන් දැක්මක සිටි බ්‍රෙන්ටන් ටැරන්ටි සිය නවසීලන්ත සංචාරයේදී ක්‍රිස්ට්චර්ච්හි Kilbirnie පල්ලියේ දෙවියන් නමදිමින් සිටි මුස්ලිම් බැතිමතුන්ට වෙඩි තැබුවේය . වෙඩි තබා දිව ගොස් ඒ ළගම පිහිටි Al Noor ඉස්ලාම් පල්ලියේ මුස්ලිම් බැතිමතුන්ටද වෙඩි තබා සිය වාහනය පදවාගෙන ගියේ Linwood Masjid පල්ලිය වෙතය. එහෙත් ඒ අතරමග උන්මත්තක වර්ගවාදියාව නවතා ගැනීමට හා අත්අඩංගුවට ගැනීමට නවසීලන්ත පොලිසිය සමත් විය. ඔහු ඒ වනවිටත් කිසිවක් නොදන්නා අහිංසක දරුවන්, කාන්තාවන් ඇතුලු 50 දෙනෙක් ඝාතනය කර අවසන්ය. ඒ අතර කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයෙක් හා නවසීලන්ත ඉදිරිපෙල ක්‍රීඩකයෙක් ද විය.
වර්ගවාදී උන්මත්තක බ්‍රෙන්ටන් වෙඩිතැබුවේ ශිෂ්ට සමාජයකටය. එහෙයිනි නවසීලන්ත අගමැතිනිය ජෙසින්ඩා ආඩේන් මුස්ලිම් ගැහැණියක මෙන් හැද පැළද පර්දාවකින් සිය හිස ආවරණය කොට මරණයට පත් මිනිසුන්ගේ ආදරණීයයන් වැළද ගත්තේ. එහෙයිනි ඇය ඔවුන්ව සනසමින් මරණයට පත් සිය අහිංසකයන් මෙනෙහිකර ඝාතනයට ලක්වු පල්ලිය ඉදිරිපිට රෝස කුසුම් තැබුවේ.
අපි නැවත කියන්නෙමු බ්‍රෙන්ටන් වෙඩි තැබුවේ ශිෂ්ට සමාජයකටය.
එහෙයිනි අනෙකුත් නවසීලන්ත මුස්ලිම් ජනතාව බියට පත්විය හැකි ආකාරයේ ලේ වැකුණු මුස්ලිම් මළ සිරුරු හෝ තුවාල ලැබූවන් නවසීලන්ත ජන මාධ්‍යවල තබා නවසීලන්ත මිනිසුන් සිය සමාජ ජාලවලට හෝ මුදාහැර හෝ ප්‍රදර්ශනය කර නැත්තේ. එහෙයිනි සමාජ ජාලා මාධ්‍ය තුලද විවිධ වෙබ් අඩවි තුලද මෙවැනි සටහන් තබා ඇත්තේ.
‘‘ ඔබ ඔබේ දෙවියන් නැමදීමට පල්ලිය තුලට යාමට බියද. මම ඔබ සමග එමි ඔබ දෙවියන් නැමද ඉවරවන තුරු මම ඔබේ පසක සිටිමි ‘‘
‘‘ අපේ අවන්හලේ ඇත්තේ එළවලු කෑම පමණයි ඔබ කැමති නම් අපේ අවන්හල හා සම්බන්ධ වෙන්න අපි ඔබලාට කෑම අරගෙන එන්නම් ‘‘
‘‘ ඔබලාට ලේ අවශ්‍ය නම් මේ අංකයට ( 02782828222 ) අමතන්න මගේ ලේ වර්ගය B+ ‘‘
‘‘ කවුරු හරි මුස්ලිම් කෙනෙකුට හිතෙනව නම් ඔබ අනාරක්ෂිතයි කියලා ...මට කතා කරන්න..මම ඔබත් එක්ක ඔබට වුමනා තැනට ඇවිදගෙන එන්නම්. පොදු ප්‍රවාහන සේවයේ ඔබට යන්න ඕන නම් මම ඔබව එයට නගින්න උදවු කරන්නම් මට පුළුවන් ඔබ බහින තැනටම ඔබත් එක්ක එන්න. ඔබ කැමති නම් මගේ වාහනයේ වුනත් යන්න පුලුවනි.‘‘
‘‘ඔබලා අපේය අපට ඔබ මුසල්මානුවන් හෝ ඉස්ලාම් ලබ්ධිකයන් නොවේ අපට ඔබ අපේ නවසීලන්තයේ මිනිසුන් පමණි ‘‘
අපි දන්නව ඕනෑම ක්‍රියාවක ප්‍රති විරුද්ධ ක්‍රියාවක් හෝ ක්‍රියාවන් කිහිපයක් තියෙනව කියල. අපි ඉහත සටහන් කළේ බ්රෙන්ටන්ගේ මුස්ලිම් විරෝධි ක්‍රියාවට ප්රතිවිරුද්ධව හා ඊට එරෙහිව අවිහිංසක මුස්ලිම් ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඉදිරිපත් වු ශිෂ්ට සමාජයක මිනිසුන්ගේ ක්‍රියාවන් ගැන. ඒ වගේම අපි දන්නවා අන්ත ආගම්වාදී සහ වර්ගවාදී මුස්ලිම් සංවිධාන සිය බලය පෙන්නන්න මෙතෙක් පාවිච්චි කළේ යුරෝපයේ අවිහිංසක වෙනත් ආගමක වෙනත් ජාතිකත්වයක මිනිසුන් ඔවුනට පහසු ස්ථානවල සැහැසි ලෙස ඝාතනය කරමින්. එහෙත් එයට යුරෝපය ඔවුන්ට උත්තර දුන්නේ අවිහිංසක මුස්ලිම් ජාතිකයන් පහසු ස්ථානයන්හි ඝාතනය කරමින් නොවෙයි. මොකද බහුතරයක් යුරෝපා රාජ්‍ය පාලනය කරන්නේ අන්තවාදීන් හෝ පිස්සන් නොවන නිසා. එහෙත් අපි හිතනව මේ සිද්ධියත් සමග මුස්ලිම් ආගමික හා ජාතික අන්තවාදී සංවිධාන තිගැස්මට මෙන් වික්ෂිප්තභාවයට පත්වෙලා ඇති කියල. මොකද දැන් ඔවුන්ට පිළිතුරු දීමට ඔවුන්ගේම හැඩයට වෙනත් ආගමික හා වර්ගවාදී උන්මත්තකයො ඉදිරිපත් වෙන්න පටන් අරගෙන. අන්තවාදී මුසල්මානුවාට උත්තර බැදීමට ලෝකයේ වෙනත් වර්ගවාදී ආගම්වාදී උන්මත්තකයන් බිහිවෙන්න පටන් අරගෙන. ඒක භයානක වෙන්නෙ සංවිධානවලට වඩා තනි පුද්ගල ක්‍රියා හරි පහසු නිසා ඔවුන්ව පරීක්ෂාවෙන් තොර නිසා ඔවුන්ව නාදුනන නිසා. එබැවින් මින් ඉදිරියට වර්ගවාදී ආගම්වාදී සියලු මුස්ලිම් සංවිධාන කුමණ කරුණක් අරභයා හෝ වෙනත් ජාතියක මිනිසුන් වෙනත් ආගමක මිනිසුන් ඝාතනය කරන්න දෙවරක් නොවේ තෙවරක් හිතාවි. ඉතින් අපි මෙහෙම හිතමු තද අදුරු කළු වලාවක පවා රිදී රේඛා තියෙනව.
උපාලි ජයසිංහ