හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්රකාශයට
හෙට (23) ජාතික ශෝක දිනයක් ලෙස ප්රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්රිපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.
එසේම ත්රස්තවාදය මර්දනයට අදාල වගන්ති පමණක් අද රාත්රී 12 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කිරීමට ද රජය තීරණය කර තිබේ.