තොරතුරක් නැති අය ගැන දැනුම් දෙන්න
පසුගියදා සිදුවූ බෝම්බ පිපිරීම් හේතුවෙන් මෙතෙක් තොරතුරු සොයා ගැනීමට නොහැකි වූවන් පිළිබඳව ප්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත පැමිණ ඒ පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා දන්වා සිටී.
ඒ සම්බන්ධ තොරතුරු කොළඹ 10, ප්‍රැන්සිස් පාරේ , අංක 111 දරන ස්ථානයේ පිහිටි අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකය වෙත දැනුම් දෙන ලෙසත් ඒ සඳහා පවුලේ සමීපතම ඥාතීන් පමණක් පැමිණෙන ලෙසත් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පවසයි.