හලෝ 226+,
ශෝක කාළය අවසන්
අපේ ආරක්ෂාව තහවුරු කරනු!
එහෙත් අපේ නිදහසට අත නොතබනු!
කළු ඉරිදාවේ ආදරණීය වින්දිත වැසියනි,
මා ඔබ වෙනුවෙන් වැළපුනෙමි; එසේම සහෝදර පුරවැසියෙකු ලෙස, ඔබව හෝ ඔබේ ආදරණීයයන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කිසිවක් මා විසින් කළ නොහැකි වීම ගැන සමාව අයදිමි. එහෙත් ඒ මූසල ශෝක සතිය අවසන් කොට, සුදු කොඩි ගලවා දමා අප රට වැසියන්ගේ ආරක්ෂාව, නිදහස සහ සමානත්මතාවය තහවුරු කිරීම උදෙසා හඬක් නැගිය යුතුව ඇත. ඒ ඔබගෙන් වියෝ වූවන්ගේ මලමිනී මතින් ඇවිද ගොස් බලය අල්ලා ගැනීමට මාන බලන හැම වර්ගයකම මෙන්ම ආගමකට ද අයත් දේශපාලකයින්, අපරාධ කරුවන් හා සොරුන් ගාලක්ම කල් යල් බලමින් සිටින නිසාවෙනි. මෙසේ ශෝක කාළය අත්හැරීමට සිදුවීම ගැන මම ඔබෙන් කල් තියාම සමාව අයදිමි. කරුණාකර වටහා ගන්න; ඔබේ නමින් හෝ වියෝ වූවන්ගේ නමින් අපගේ ආරක්ෂාව, නිදහස හෝ සමානත්මතාවය උදුරා ගැනීමට මේ කෛරාටික චෞර දේශපාඥයින්ට ඉඩ දිය නොහැක.
P.S.
226+ means ([The President x 1] + [MPs x 225] + [Presidential election candidates x?] + [Parliamentary election candidates x?] + [politicians of Provincial and Local Governments])
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය, නීතිඥ- විසාකේස චන්ද්‍රසේකරම්