හූනෙක් චික් චික් ගාද්දි "අසුබයි" කියන සමාජයකට ඔහු කණේ පාරක් දෙනවා... ගෙවල් ගානෙ ගිහින්; "චික් චික්" කියන හූනෝ අල්ලලා කටේ දාගන්න ඔහු පස්සේ කාලෙක මෙතෙක් හොයා නොගත්තු හූනො හොයාගෙන උන්ට නම් දෙනවා....
මාතර කොටුවේ "හූනු මහත්තයා" පස්සේ කාලෙක ලෝකයක් පිළිගත්තු උරග හා උභයජීවී විද්‍යාඥයෙක් වෙනවා...
මේ තියෙන්නේ ඒ හූනු මහත්තයගේ කතාව...
ජනමාධ්‍යවේදිනී නදී මාණික්කගේ ගේ අලුතෙන් පළ කළ පොතෙහි විෂයීයා මිනිසා ගැන ඈ එසේ සඳහන් කරන්නීය. නදී විසින් පළ කරන ලද 'ඇන්සලම් - උරග සනුහරේ ක්ෂීරපායී ප්‍රේමවන්තයා' පොත මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් මිලදී ගැනීමේ අවස්ථාව උදා වී තිබේ.
"කැස්බෑ පොතු ගන්නේ කැස්බෑවා මරලා නෙවෙයි. හේතුව; මරපු කැස්බෑවකුගේ පොතුවලින් නියම පෙනුම හා පැහැය ලැබෙන්නේ නැහැ. පොතු ගලවන්නේ කැස්බෑවා පණපිටින් ඉද්දි. ඒක මහ අමානුෂික වැඩක්. එයා බිත්තර දාන්න ගොඩබිමට එනවා. කැස්බෑ පොතු අලෙවිකරන මුදලාලිලා මූදෙ ඉඳලා එන කැස්බෑවන් බිත්තර දාලා යද්දි අල්ලගන්නවා. ඉන්පස්සේ එයාලා අනිත් පැත්ත හරවලා අරන් ගිහින් කැලේ කූඩාරම්වල තියෙන ලීයක අත් දෙකෙන් එල්ලලා ලීයට යටින් ගින්දර දානවා. ටිකකින් එයාලා රත්වෙනවා. රත්වෙද්දි එකින් එක කැස්බෑ පොතු ගලවගෙන කැස්බෑවා මුහුදට ගෙනිහින් දානවා. ඒක ඒ සතාට දරාගන්න බැරි වේදනාවක්. ඇඟට බද්දවෙලා තියෙන දෙයක්නේ ගලවන්නේ..."
ඇඟ හිරිවැටෙන කතාවක් ඒක...වසර 2500කට එහා කැස්බෑ පොතු සම්බන්ධ අතීතයක් ලංකාවට තිබුණත් ඒ අතීතයේ සිට මේ වනකම් ඉතිහාසය, ඇත්තටම වේදනාත්මකයි...
කැස්බෑ පොතු ගන්න සත්තු මරනවා කියන කතාවට වඩා කම්පාවක් මට ඒ කතාව නිසා දැනුණා...
ඒ කම්පාව දෙගුණ වුණේ ඩොක්ටර්ගේ ඇස්වල තියෙන කඳුළු දැකලා....
ඕනම කෙනෙක්ට පුළුවන් දැනුම් ගබඩාවක් වෙන්න... ඒත් ඒ හැම කෙනෙක්ටම බෑ ඒ දැනුම තව කෙනෙක්ට තේරෙන විදියට බෙදලා දෙන්න...මේ හැමදේම පාඩමක් නෙවෙයි; කතාවක්..."
'රැස' පුවත්පතට (මේ වන විට මුද්‍රණය නොවේ) උරග උභයජීවී විද්‍යාඥ ඇන්සලම් ද සිල්වා මහතා සමග කළ සංවාද ඇසුරෙන් පළ කළ ලිපි මාලාවක් ඇසුරෙන් මෙම පොත මුදරණය කිරීමට දායකත්වය සපයා ඇත්තේ 'නබෝ' ප්‍රකාශන වන අතර මොල සෙනෙවිරත්න කවර නිර්මාණය සිදු කර තිබේ.
සුවිශේෂීම සිදුවීම වන්නේ 'රැස' මුද්‍රණය කළ ලේක් හවුස් ආයතනයේ සේවා කාලය අවසන් කර රටේ පැවති පොදු තත්ත්වය හේතුවෙන්ම විදේශගත වූ නදී මාණික්කගේ අතට පොත නොලැබීම එය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට නිකුත් කිරීමට සිදු වීමය. නදී සිය මාධ්‍ය කලාව නිවැරදිව පුහුණු කරගනිමින් ඒ තුළ දිගු ගමනක් යෑමට ඉඩ සලසාගෙන සිටි ලේඛිකාවකි. එසේම උපාධිධාරිනියක් වුවත් ජීවිතයේ ගත් සෑම වෙහෙසකටම වටිනාකම් නොසලකා ඈ තොරා ගත් ගමන් මග ජනමාධ්‍යයයි. මේ මොහොතේ නදී සිය සහකරු සහ පුත්ණුවන් සමග විදේශයක සිට සිය පොත පිළිබඳව අදහස් විමසමින් හිටින්නීය.
"අල්ලගත්ත හැම හූනම අතේ තියාගන්නත් බෑ. මල්ලකට දාගන්න වෙලාව ගත්තොත් හූනො දෙතුන් දෙනෙක් මඟහැරෙනවා. ඉතින් හූනගේ ඔළුව පැත්ත මගේ කට ඇතුළට දාගෙන තොල්වලින් තදකර ගන්නවා... එහෙම කළා කියලා උන් මැරෙන්නේ නැහැ. ඒ විදිහට හූනො කීපදෙනෙක්ම කටේ දාගෙන තොල්වලින් තද කරගන්නවා. තව කීපදොනක් අත් දෙකට අරගෙන ගෙදර යනවා... මට ඒ කාලේ අප්පිරියාවක් දැනුණෙත් නැහැ...." පොතෙහි එසේද සඳහන්ය.
"කිලෝමීටර් දාස් ගාණක් ඈතක ඉඳගෙන; මගේ හිතවන්තයන්ගේ අත්වල තියෙන පොත දැකලා මගෙ ඇස්වලට කඳුළු උනනවා..." නදී එසේ සිය අලුත් දරුවා යැයි සඳහන් කරන පොත සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබිණි.
Stamford Lake Publishers - A 22, A32, A33/ Fast Publishing - සුරස ප්‍රකාශන - B 127 -B 130/ සූරිය ප්‍රකාශන - B 91- 94/ විදර්ශන ප්‍රකාශන - B 100- 102/ ග්‍රැෆිකෙයා - G 240/ කඩුල්ල ප්‍රකාශන - D 159/ සයුරි ප්‍රකාශන - D 176/ සුභාවි ප්‍රකාශන - G 231- 232/ සයුර ප්‍රකාශන G 204/ කෙහෙලි ප්‍රකාශකයෝ - K 329/ කවිවර ප්‍රකාශකයෝ - K 357 වෙතින් පොත මිලදී ගත හැකි අතර Nabo Online Books වෙතින් ඇනවුම් කර පොත මිලදීගත හැකිය.