නිශ්ශංක විජේමාන්න යනු ලාංකික කෙටි කතා කලාවට නව මුහුණුවරක් දුන් කෙටි කතා රචකයෙකි. නවකතාකරුවෙකි. දෙමළ බසට පරිවර්තනය කළ ඔහුගේ කෘති මේ වන විට දෙමළ පාඨකයින් අතරේද ජනප්‍රියභාවයක් ගනිමින් තිබේ. රාජ්‍ය සම්මාන, ස්වර්ණ පුස්තක සම්මාන ඇතුළු සම්මාන ලැබූ ඔහුගේ 'වැලන්ටයින් කුමාරයා' පළමු කෘතියයි. තිත්ත සීනි, තාරා මගේ දෙව්දුව, මුවා මැරූ සලමන්, මල් සූටික්කා, කීඩෑවෝ ඇවිල්ලා, කඳ අරණී, කළු කිරිල්ලී, හඳ පළුව තනි තරුව, දළ රෙදි සහ කසීසළු, චන්ද්‍රකින්නරාවිය යනාදී කෘති නිර්මාණ වේ. මේ නිශ්ශංක වෙජේමාන්නයන් සිය විෂය වන ලේඛනයට මදක් ඔබ්බේ වන ගීත කලාව සම්බන්ධයෙන් කළ මත විමසුමකට කළ ප්‍රකාශයකි. ලාංකේය ගීත සාහිත්‍යයට කොතෙක් ගීත එක් වුවද පැරණි ගීත ඇසීම අලුතෙන් ගීත නිර්මාණය නොවීම නිසා සිදු වූවක්ද? මේ නිශ්ශංක විජේමාන්නයන් ඒ පිළිබඳව දැක්වූ සිය අදහසයි.
"මේ ගැන ඇහුවම එක පාරම අදහසක් එන්නේ නෑ. ඒත්, මේක අධ්‍යයනය කරන්න ඔබින මාතෘකාවක් හැටියට හිතෙනවා. මේ තත්ත්වයට හේතුව ලංකාවේ උත්සවකාකාරී ක්‍රියාදාමය තුළ විශේෂ සංස්කෘතියක් හැදී නැතිකම වෙන්න පුළුවන්. අතීත ජනප්‍රිය ගීත ගැන කියනවා නම් එවැනි ගීත නිර්මාණය වෙන්නට තිබුණ එවකට අවකාශය අවසන් වෙලා ඉවරයි. මම ඇහුවා මතකයි වරක් අපේ සුනිල් සිරිවර්ධන කිව්වා රුසියාවේ ගම්බද ප්‍රදේශවල සන්ධ්‍යාවේදී තවමත් එම පළාත්වල ජනප්‍රිය ගීත ගායනා කරනවා කියලා. ඒ දේවල් දැන් අපේ සමාජයේ වෙන්නේ නෑ. එවන් පසුබිමකයි වර්තමානයේ ගීත උත්පාදනය වෙන්නේ. නිහාල් නෙල්සන්, බයිලා චක්‍රවර්තී බව කිව්ව වොලී බැස්ටියන් වැන්නන්ගේ පරම්පරා දැන් අවසන් වී තිබෙන්නේ. ඔවුන්ගෙන් පසුව ඔවුන් අනුගමනය කරන, ඔවුන් හදාරන ඔවුන්ගේ දරුවන් හෝ වෙනත් අය ඒ ශෛලීන් ඉදිරියට ගෙන යෑමට ඉන්න බවක් පෙනෙන්න නැහැ. අනෙක් ආරවල ගීතවලට මේක බොහෝ විට සිදු වී නැහැ. අනෙක් අතට මේවා එක තැනකට සම්පිණ්ඩණය කරන මාධ්‍ය මෙහෙවරක් අපට පෙනෙන්නත් නෑ. අවශ්‍ය නම් රූපවාහිනී නාලිකාවලට මේ දේවල් කරන්න බැරිකමක් පෙනෙන්නත් නෑ. එහෙම කළොත් මේ ආරේ ගීතවලට කරන සාධාරණයක් වේවි. ඒ වෙනුවෙන් ජනතා මතවාදයක්, චර්යා වෙනස් කිරීමක් කළොත් එවැනි වින්දනයක් හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් හැමදෙයක්ම සර්පිලාකාර නිසා ඉදිරියේදී මේ රටාවම ආයෙත් ඇති වෙන්නත් පුළුවන්."
ශිවන්ති ප්‍රනාන්දු