lan englan tam

පුවත්

අතීතකාමයට පොළඹවන 'තුල්ටෙක්ස්' දැන්වීම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තුල්හිරිය 'තුල්ටෙක්ස්' යනු කලක් ශ්‍රී ලංකාව තුළ ජනප්‍රියම වූ රෙදිපිළි නිෂ්පාදනයට දායකත්වය දැක්වූ රෙදිපිළි සමාගමකි.


එම රෙදිපිළි ප්‍රවර්ධනය සඳහා 80 දශකයේදී සකස් කළ වෙළඳ දැන්වීමක් සිය සඳහනක් සමග පළ කරනු ලැබ තිබුණේ සමාජ ජාල ක්‍රියාකාරී අමල් අත්තනායක විසිනි.

80 දශකයේ සිත් සලිත කල වෙළඳ දැන්වීම...❤️
ඒ කාලේ ලංකාවම සලිත කරපු ඇඩ් එක තමයි තුල්ටෙක්ස් ඇඩ් එක. අඩනිරුවත් කෑල්ලක් දාලා ගහපු පලමු ඇඩ් එක මං හිතන්නෙ.. අපි එකල පොඩි උන් උනාට මේක ඨ්V එකේ ගිය දවසේ අනිත් පහුවෙනිදා මේ ගැනමයි කතා කරේ.😂 අර වෙරළේ ඇවිදින තරුණියන්ගේ කලවා පේන්න රෙද්ද උඩ යන කෑල්ල ගැන පත්තරවලත් ලිවුවා සමහරු..😂
මොනා උනත් ඒක හරි සුන්දර ඇඩ් එකක්..ඒ කාලේ මේක බලලා තුල්ටෙක්ස් රෙදි විකුණුනා මාර විදිහට..අපේ කාලේ සෙට් එකට මේක අමතක නොවන ඇඩ් එකක්....
දුක හිතෙන කෑල්ල තමයි මේ තරුණියන් තුන් දෙනාගෙන් එක් අයෙක් අද ජීවතුන් අතර නොමැති වීම..ඒ විශාකා..මේ ගීතය ගායනා කරන මාලණී බුලත්සිංහලත් අද අප අතර නෑ..
අද තුල්ටෙක්ස් තියා ඒවා හදපු තුල්හිරියත් නෑ ලස්සන ඇඩ් එක විතරයි ඉතුරු අපිට....
මේක හරි ලස්සන ඇඩ් එකක්....❤️

අමල් අත්තනායක

Back to top
Go to bottom

Popular News