“උරුවිසි කියන්නේ දිව්‍ය ලෝකයේ ඉන්න හොඳම නාට්‍ය දිව්යාංගනාවියටයි. මේ කතාව ගෙතෙන්නේ පරණ නිළියක් සහ අලුත් නිළියක් වටා.
එහි ප්‍රධාන චරිතය උරුවිසි. ඇය ගමේ ඉඳන් නිළියක් වෙන්න නගරයට එන කෙල්ලෙක්. පරණ නිළිය වෙන්නේ රාජකුමාරි. රාජකුමාරිගේ පුතා බැඳලා ඉන්න කෙල්ල තමයි උරුවිසි. ගමේ කෙල්ල කොළඹ ආපු වෙලාවේ ඇයව බලාගන්න කියලා භාරදෙනවා. එතැනදී අම්මා ඒ කෙල්ලව ‘උරුවිසි’ නමින් ක්ෂේත්රයට හඳුන්වා දීලා නිළියක් කරවනවා. ජීවිතේ කොච්චර ප්‍රශ්න තිබුණත් ඒවා දරාගෙන, සමාජයට සිනහවක් පෙන්වන කලාකරුවන්ගේ ඇතුළාන්තය මෙයින් කියැවෙනවා. හැබැයි කාලයක් යද්දී වටිනාකම තිබුණත් පරණ අයට කලාවෙන් සමුගෙන යන්න වෙනවා. රාජකුමාරි සියල්ල අත්හැරලා, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තියලා අලුත් පරම්පරාවට හැමදේම භාර දීලා යනවා. ඕනෑම කෙනෙකුට තමන්ගේ ජීවිතයේ අන්තිම කාලයේදී වැරදි හදාගෙන ලෝකය ඉස්සරහා හොඳින් ජීවත් වෙන්න පුළුවන් කියන උතුම් පණිවිඩය මේ කතාවෙන් දෙනවා.”
එදා සහ මෙදා වේදිකාව අතර වෙනසත්, කාලීන අවශ්‍යතාව මත සිදුකළ වෙනස්කම් ගැනත් ඇය අප සමඟ මෙසේ අදහස් දැක්වූවාය.
“මුල් නාට්‍යයේ ‘උරුවිසි’ චරිතය වෙනුවෙන් එදා මම හොඳම නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. රාජකුමාරිගේ චරිතය එදා කළේ අවන්ති අපොන්සු. විජය නන්දසිරි, කැලුම් විජේසූරියත් හිටියා. කැලුම් මා සමඟ කළ පළවෙනි නාට්‍යය ඒක. ඒ කාලේ පැය දෙකකට වඩා දිග කතාවක් විදිහටයි නාට්‍ය වේදිකාගත වුණේ
නමුත් දැන් ඉන්න පිරිස කාර්යබහුල ජීවිතය එක්ක දිගු වෙලාවක් වෙන් කරන්න අමාරුයි. ඒ නිසා අපි දැන් නාට්‍ය කෙටි කරලා තියෙනවා. කලින් චරිත 12ක් විතර හිටියත්, වියදම් සහ ගමනාගමන ප්‍රශ්න නිසා දැන් චරිත 7කට සීමා කරලා, එක පුද්ගලයෙක් චරිත දෙකක් කරන විදිහට හැදුවා. එදා මම තරුණ කාලේ කරපු, මට හොඳම නිළිය සම්මානය ගෙනත් දුන්නු උරුවිසි චරිතය දැන් වර්තමානයේ කරන්නේ ප්‍රතිභා හෙට්ටිආරච්චි. මෙවර නව නිෂ්පාදනයේදී මම රඟපාන්නේ එදා අවන්ති අපෝන්සු රඟපෑ වයසක රාජකුමාරිගේ චරිතයයි. මට තවමත් උරුවිසි චරිතයේ දෙබස් කටපාඩම්. ඒත් රාජකුමාරි වෙන්න මට අලුතින් පුරුදු වෙන්න වුණා, දෙබස් ටිකක් වැඩියි. මගේම ස්ටයිල් එකට මම ඒක කරනවා. ඒක එක අතකින් ලොකු අභියෝගයක්.”
- rasanduna -




