lan englan tam

පුවත්

අනූ-කනූ දෙදෙනා රහස් පොලිසියට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තමන්ට වූ අගතිය සම්බන්ධයෙන් කලා ශිල්පිනියන් වන අනූ-කනූ යන නිවුන් දෙසොහොයුරියන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

ඔවුන් පවසන්නේ අසභ්‍ය ලෙස පටිගත කළ වීඩියෝවක් සහෝදරියන්ගෙන් එක් අයකු බව පෙන්වීමට ව්‍යාජ ලෙස යොදාගෙන ඇති බවය.
ඔවුන් දෙදෙනා මාධ්‍ය ඉදිරියේ බෙහෙවින් සංවේදී වෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් අනතුරුව ප්‍රකාශ ලබා දුන්නාය.
අනූ-සහ කනූ කලා ශිල්පිනියන් ලෙස බොහෝ දෙනෙකුගේ ජනාදරයට පත් නිවුන් දෙසොහොයුරියන් දෙපලක් වන අතර කාන්තාවන්ට අපහාස වන අන්දමේ වීඩියෝ ප්‍රසිද්ධ කිරීම කලක් තිස්සේ මෙරට මෙන්ම ආසියාතික රටවල බෙහෙවින් දක්නට ලැබේ.
ඉන්දියාව තුළ මෑත කාලයේ ජනප්‍රිය නිළි රශ්මිකා මන්දනාගේ රුවට ඇය පෙනී නොසිටි අඩ නිරුවත් ඡායාරූපයක් බද්ධ කළ අතර අනතුරුව ඇය වෙනුවෙන් සමස්ත කලා ක්ෂේත්‍රයටම සම්බන්ධ ඉන්දියාවේ ශිල්පීන් සහ දේශපාලනඥයින් පියවර ගැනීමට කටයුතු කරනු දක්නට ලැබිණි.
මෙම සිද්ධිය මෙම තරුණ ශිල්පිනියන්ට බලපෑමට හේතු වූ තැනැත්තන් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

Back to top
Go to bottom

Popular News