මේ දිනවල ඉන්දියානු සිනමා තිරයේ ජන්ප්‍රියම තාරකාවිය වන්නේ ඇයයි.සිනමාවට පැමිනි දා සිට අද දක්වාම ඇය රංගනයෙන් එක් වූයේ ප්‍රේක්ෂකයන් ට සදා අමතක නොවන චරිතයන් සදහායි.ඇගේ සුවිශේෂී දක්ශතාවය ඇගයීමට ලක් වූ ඇය සම්මානයට පාත්‍ර වූ අති දක්ශ නිලියක් කියලා නොදන්න කෙනෙක් ඉන්න බැහැ.
මේ ඇය ගැන සුවිශේෂී විස්තර කිහිපයක්
⭕සිනමාව පිළිබඳ විස්තර
◾ඇය ළමා රංගන ශිල්පිනියක් ලෙස සිය රංගන දිවිය ආරම්භ කළේ 2005 නිපද වූ කස්තුරි මාන් දෙමළ චිත්‍රපටයෙන්
◾2008 දී විජය් රූපවාහිනියේ විකාශනය වූ ප්‍රභූදේවාගේ නර්තන රියලිටි වැඩසටහනකට සම්බන්ධ වී කටයුතු කරනු ලබනවා.
◾ඇය 2008 වර්ෂයේ දී ධාම් ධූම් නම් දමිළ සිනමා නිර්මාණයට දායක උනා.
◾2015 වර්ෂයේ නිමැවුණු "ප්‍රේමම්" චිත්‍රපටයේ මලර් නම් චරිතය හරහා නැවත ඈ මලයාලම් සිනමාවට ප්‍රවේශ වනවා.
◾ඇයට ප්‍රේමම් චිත්‍රපටයට 2014 වර්ෂයේආරාධනා ලැබෙන විට ඇය ජෝර්ජියාවේ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිට තිබෙන්නේ.
◾ඇය අධ්‍යාපන කටයුතු අතර ලැබුණු නිවාඩුව සම්පූර්ණයෙන් ප්‍රේමම් චිත්‍රපටයට රංගනය වෙනුවෙන් යොදවනවා.
◾ඇයගේ "කාලි" නම් දෙවෙනි චිත්‍රපටයේ රංගන කටයුතු කළේ විශ්ව විද්‍යලයේ මසක පමණ කාලයක් නිවාඩු ලබාගෙන.
◾2017 වර්ෂයේ දී ෆිඩා නම් චිත්‍රපටයේ භානුමතී චරිතයට පණ පොවමින් ඇයට තෙලිඟු සිනමාවේ ප්‍රෙක්ෂකයන් ආකර්ශනය කර ගන්නවා.
◾ඇය දමිල සිනමාවේ ප්‍රධාන චරිතයකට පණ පොවමින් කොලිවුඩ් සිනමාව ආක්‍රමණය කළේ 2018 වර්ෂයේ නිර්මාණය කළ ඪිය චිත්‍රපටය හරහා.
⭕ සායි තුළ ඇති සුවිශේෂීතා
◾ඇයට ඇගේ නම ලැබුණේ පුත්තපාර්තිහි සත්‍ය සායි බාබාගෙ නමින් බව සදහන්.ඒ ඇගේ මව දැඩි සායි බාබා භක්තිකයෙක් වූ නිසා
◾සායි යනු නිර්මාංශ නිලියක්.
◾එමෙන්ම ඇය දුම්පානය හා මත්පැන් පානය කරන්නේද නැහැ .
◾සායි චිත්‍රපට සදහා දායකත්වය ලාබා දීමේදී චිත්‍රපට තෝරා බේරා ගෙන රගපාන අතර වරක් ඇය තෙලිඟු සිනමාවේ ජනප්‍රිය නළු විජේ ගේ චිත්‍රපටයක් පවා ප්‍රතික්ෂේප කරනවා.
◾බොහෝ දෙනාට සිනමා තිරය තුළ දකින්නේ සායි පල්ලවී ගේ රූපලාවන්‍ය ආලේපන නොගැල්වූ සොදුරු රූපයයි.
◾ප්‍රේමම් චිත්‍රපටයේ අධ්‍යාක්ෂවරයා රූපලාවන්‍ය ආලේපනවලින් තොරව තමාට කැමරාව ඉදිරියේ පෙනී සිටීමට දිරි ගැන් වූ බව ඇය පුවත්පත් සාකච්ඡාවක දී ප්‍රකාශ කළා.
◾ඇය රූපලාවන්‍ය ආලේපනවලින් තොර නිසා ඉන්දීය රුපියල් කෝටි දෙකකින් යුත් සම පැහැපත් කරන ආලේපන වර්ගයක වෙළෙඳ දැන්වීමක් ප්‍රතික්ෂේප කරනවා.
◾ඇයට විශ්වාසයක් නොමැති කිසිදු භාණ්ඩයක් ප්‍රවර්ධනය නොකිරීමට ඒ වෙනුවෙන් පෙනී නොසිටීමට ඇය තීරණය කර ඇති බව පැවසේ.
◾මධුරි ඩික්සිත් ,ඓශ්චර්යා රායිගේ රංගරටා සහිත වීඩියෝපට නැරඹීමෙන් නර්තනයේ යෙදීමට ඉගෙන ගත් බව ඈ සම්මුඛ සාකච්ඡාවකදී වරක් ප්‍රකාශ කර තිබේ.
◾තෙලිඟු රියලිටි වැඩසටහනක් වූ ඪී හි සිව්වන අදියර හරහා ඇය නර්තන කරළියට පැමිනෙනවා.
◾ඇයට දෙමළ ,මලයාලම් ,තෙලිඟු භාෂා කතා කිරීමේ හැකියාව තිබෙනවා.
◾ඇය රංගෝලි ඇදීමට බොහෝ ප්‍රිය කරන කෙනෙක්.
ටාශි සෙනෙවිරත්නෙ - භාරත රසික සිනමා සංසදය