ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ 'ආදරණීය රෝහණ' එළඹෙන දෙසැම්බර් 14 වැනිදා ඔහුගේ ජීවන ගමනේ හැත්තෑපස් වැනි කඩඉම පසු කරන මොහොතකදී පැවැත්වීමට මේ වන විට කටයුතු යොදා අවසන්ය.
ප්රාසාංගික සාදයක් හැටියට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත 'ආදරණීය රෝහණ' ප්රසංගයට ඔහුගේ හත්දාහකට වැඩි ගීත නිර්මාණ සඳහා එදා සිට දායක වූ ගායක ගායිකාවන් විශාල පිරිස අතරින් ශිල්පීන් 43 දෙනෙකු විසින් ගීත ගැයීමට නියමිතය.
නව ගීත කලාවක් හඹා යන ශ්රාවකයින් සිටින සමයක මෙහි ප්රවේශපත්ර කෙසේ අලෙවි කරගත හැකිදැයි සිතූ රෝහණ වීරසිංහයන්ට සිතුණද ප්රසංගයේ ප්රවේශපත් නිකුත් කර සතියක් ඇතුළත සියලුම ප්රවේශ පත්ර අලෙවි වී තිබේ.