මාවල් විශ්වයේ අකුණු දෙවියා වුනු ඔහු ගැන නොදන්නා ජීවියෙක් ඇත්ද, Chris Hemsworth කියනා නලුවා ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වුනත් හොලිවුඩ් පුරය නම් ඔහුට ආගන්තුක වුනේ නැහැ කවදාවත්, ඉතින් ජීවිතයේ ඉහලම තැනට ගිය ඔහුට අසුබදායක පුවතක් අසන්නට ලැබෙන්නේ ' National Geographic ' නාලිකාවේ 2022 වසරේ විකාශය වූ ' Limitless ' නම් වාර්තාමය වැඩසටහනට සහභාගි වූ විටයි, එහිදී භාජනය වුනු ජාන පරීක්ෂාවකදී හෙලිවුනේ ඔහුට ඇල්සයිමර් රෝගය වැළදීමට වැඩි ඉඩකඩක් ඇති බවටයි.
ඔහුගේ සීයා මියගිහින් තියෙන්නේත් එම රෝගය උත්සන්න වීමෙනුයි, එමෙන්ම ඔහුගේ පියාත් ඇල්සයිමර් රෝගී ලක්ෂණ පෙන්නුම් කරලයි තියෙන්නේ, ඉතින් තමන්ගේ ජීවන රටාව වඩා සෞඛ්‍යයමය තැනකට වෙනස් කරගත් ඔහු තමන්ගේ පවුලට වැඩි අවධානයක් දෙන්නට රංගනයෙන් පවා පුංචි විරාමයක් අරන් තමයි තිබෙන්නේ
දශකයකටත් වඩා දිගු ඔහුගේ විවාහ ජීවිතය තුල බිරිඳ වන Elsa Pataky ඔහුට හරි ආදරණීය පුදුම කිරීමක් දුන්නේ වයස 87 ක මහලු කාන්තාවක් ලෙසින් වේශ නිරූපණයෙන් තමන්වම වෙනස් කරගෙනයි, මොකද බැරිවෙලාවත් ඔහුට දේවල් අමතක වුනොත් වයස්ගත වෙනකොට, ඇගේ මේ පෙනුම ඔහුට මතක් කර දේවි ඇය ඔහුගේ බිරිඳ බව, ඒ ඔහුට පුංචි හරි මතකයක් හෝ ඉතුරු වෙලා තිබුනෝතින් තමයි ඒ ගැන.
Viduni Hettoaarachchi- The Cinema People