lan englan tam

පුවත්

ඇට්ලීගේ 'තේරී' ප්‍රතිනිර්මාණය Baby John නත්තල් උදාවේදී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දෙසැම්බර් 25 වැනිදා සිට සිනමා ශාලා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිත වරුන් ධවාන් සහ කීර්ති සුරේෂ් ප්‍රධාන චරිත රඟපාන Baby John චිත්‍රපටය මේ වන විට බොලිවුඩ් මෙන්ම කොලිවුඩ් සිනමා රසිකයින්ගේ අවධානයට පත් වූ චිත්‍රපටයකි.

ඒ Baby John 'ජවාන්' චිත්‍රපටයෙන් බොලිවුඩ් සිනමාවට අවතීර්ණ වූ චිත්‍රපට අධ්‍යක්ෂ ඇට්ලීගේ චිත්‍රපටයක් වීමත් දකුණු ඉන්දීය නිළියක වූ කීර්ති සුරේශ්ගේ පළමු බොලිවුඩ් ආගමනය වීමත් හේතුවෙනි.
චිත්‍රපටයේ අනෙකුත් විශේෂත්වය වන්නේ දකුණු ඉන්දීය සිනමාවේ අතිශය සාර්ථක වූ සිනමා පටයක් වූ තලපති විජේ රඟපෑ 'තේරී' චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් ලෙස Baby John නිර්මාණය වීමයි.
වරුන් ධවාන් 'තේරී'හි විජේ රඟපෑ ප්‍රධාන චරිතයත් කීර්ති - සමන්තා රූත් ප්‍රභූ මුල් චිත්‍රපටයේ රඟපෑ චරිතයත් රඟපාන අතර වාමිකා සහ ජැකී ශ්‍රොෆ් අනෙකුත් ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙති.
පිය - දියනි සම්බන්ධය සහ ත්‍රාසය මෙන්ම ප්‍රේමයද පෙන්වන චිත්‍රපටය Baby John ඇට්ලීගේ තවත් වාර්තාගත චිත්‍රපටයක් වනු ඇතැයි අපේක්ෂා කරයි.

Back to top
Go to bottom

Popular News