රංගන ශිල්පිනී මහේෂි මධුශංකාගේ සැමියා විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර ද්නු ලැබ ඇති බව කියන සිද්ධියක් හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පවුල් ආරවුලක් සම්බන්ධයෙන් දෙසැම්බර් 19 වැනිදා රාත්‍රී රංගන ශිල්පිනිය විසින් බොරලැස්ගමුව පොලීසිය වෙත දුරකථනය හරහා කරන ලද පැමිණිල්ලකට අනුව රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයා ඇතුළු කොස්තාපල්වරුන් දෙදෙනෙකු රංගන ශිල්පිනියගේ නිවස වෙත ගොස් තිබුණි.
පොලිසියේ නිළධාරීන් නිවසේ ආලින්දයේදී මහේෂිගේ පැමිණිල්ල සටහන් කර ගනිමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී තිබූ මහේෂිගේ සැමියා පොලිසියේ අයට පහර දීම හේතුවෙන් කොස්තාපල්වරයෙක් ඇතුළු කිහිප දෙනෙකු මහේෂිගේ සැමියාගේ පහරකෑමෙන් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කොට ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු අධික ලෙස බීමත්ව සිට ඇති අතර ඔහුගේ හිස ප්‍රදේශයටද තුවාල සිදු වී තිබීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා සමග සැකකරුද කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට පියවර ගත් බව පොලීසිය මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබුණි.