lan englan tam

පුවත්

'මාගම් සෝලි' කියන්නේ අමාරුවෙන් හදාගත් දරුවෙක්; චමින්ද ඉලුක්වෙල

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කොල්කටා සිනමා උළෙලේ 30 වැනි උළෙල නියෝජනය සඳහා සුදුසුකම් ලද පළමු ශ්‍රී ලාංකේය චිත්‍රපට දෙකෙන් එකක් වන්නේ චමින්ද ඉලුක්වෙලගේ 'මාගම් සෝලි' වේ.

ආසියානු අංශය නියෝජනය කරමින් සිනමා උළෙලට ඉදිරිපත් වූ අනෙක් චිත්‍රපටය වන්නේ ශ්‍යාම් ප්‍රනාන්දුගේ 'මගේ පන්තියේ ළමයෙක්' වේ.
"මාගම් සෝලි නිර්මාණය කරන්න මම අවුරුදු පහළොවක් මහන්සිවෙලා තියෙනවා. කොරෝනා කාලයේ තමයි මේ කතා තේමාව හොයාගත්තේ. දඹුල්ල පැත්තේ සිද්ධවුණ සිදුවීමක් අළලා තමයි මෙය නිර්මාණය කරන්නේ. මාගම් සෝලි කියන්නේ ඉතාම අමාරුවෙන් හදාගත්තු දරුවෙක්. ඒ වෙනුවෙන් සෑහෙන කට්ටක් කෑවා. සංජීව කරුණාරත්න, නීටා අක්කා, මර්වින් ඉන්ද්‍රජිත්, චන්ද්‍රන් රත්නම්ගේ මූලික සම්බන්ධීකරණයෙන් තමයි මාගම් සෝලි හදන්න පාර කැපෙන්නේ. සිනමා නිර්මාණයක් කරනවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ඒ වගේ කටයුත්තකදී විශාල සහයෝගයක් ලැබෙන්න ඕනෑ. මම අවුරුදු විස්සක් කලා අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරලා ඒ අත්දැකීම් එක්කයි මාගම් සෝලි අධ්‍යක්ෂණය කරනු ලබන්නේ." යනුවෙන් චමින්ද ඉලුක්වෙල සිය චිත්‍රපටය පිළිබඳව 'දිවයින' පුවත්පතේ විශේෂාංග ලේඛකයෙකු වන දිනේශ් විතානගේ සමග පවසා තිබිණි.

Back to top
Go to bottom

Popular News