lan englan tam

පුවත්

සුමිත්‍රාට පසුව ජාත්‍යන්තරයට ගිය ලංකාවේ සිනමා අධ්‍යක්ෂවරිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය මෙන්ම කුසලතා පූර්ණ සිනමා අද්‍යක්ෂවරියක වන ඉනෝකා සත්‍යාංගනී ඊයේ (22) සිය උපන්දිනය සැමරුවාය. ඒ වෙනුවෙන් සිනෙමායා Entertainment සමූහයේ රමිත විමුක්ති විසින් සම්පූර්ණ විස්තරාත්මක සටහනක් තබා තිබිණි.
ඉනෝකා සත්‍යාගනීට උපන්දින සුබ පැතුම් එක් කරමින් එම වටිනා ලියවිල්ල මෙසේ පළ කරමු.

සුබ උපන්දිනයක් ඉනෝකා සත්‍යාංගනී!


කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ඉගෙන ගනිමින් සිටි දෙවෙනි වසරේ ශිෂ්‍යයාවක් , තම නිවසටත් හොරා ටෙලිසිනේ ආයතනයේ සම්මුක පරීක්ෂණයකට සහභාගී වනවා. ටෙලි සිනේ යනු එවකට දකුණු ආසියාවේ තිබුනු විශාලතම රූපවාහිනී නිෂ්පාදන ආයතනයක් සහ එය පරිපාලනය වූයේ සිනමාවේදී ඩී. බී. නිහාල්සිංහ සහ ඔහුගේ සහෝදරයා වූ ඩී. බී. සුරනිමල විසින්. වෙළඳ දනිවීම් නිර්මාණකරණය සම්බන්දව පැවති එම සම්මුක පරීක්ෂණයට සහභාගී වූ 40 ක පිරිසෙන්, එකම කාන්තාව වී ඇත්තේ ඇයයි. ඒ වගේම අවසානයේ ඩී. බී. නිහාල්සිංහ විසින් මෙහෙයවූ ටෙලිසිනේ ආයතනයේ එම අධ්‍යක්ෂණ පුහුණුව ලැබීමට සුදුසුකම් ලබන්නේ මේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවයි. සුමිත්‍රා පීරිස්ගෙන් පසුව ලාංකීය සිනමාවට තව තවත් කීර්ති නාමයන් අත් කර දුන් ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්දගේ ආරම්භය එයයි.
ටෙලිසිනේ ආයතනයෙන් ලැබුණු පුහුණුවත් සමග ඇය ස්වාධීන අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කරනවා. ඉනෝකාට ටෙලිවීව් ආයතනයේ සුනිල් රත්නායක නිර්මාණයක්‌ කිරීමට ආරාධනා කරන්නේ මෙම අවදියේදී . ටෙලිවීව් නිෂ්පාදනයක්‌ වන ඇගේ මුල්ම ටෙලි නිර්මාණය, ඒකාංගික ටෙලි නාට්‍යක්. එය නිදි නැති රැයක සිහිනයක්. එයින් ලැබුණු ඉහල ප්‍රතිචාරයන් සමග ටෙලිවීව් ආයතනය තුලම ඇය ප්‍රාසංගික ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කරනවා. එය උරුමයක් නැති උරුමලද්දෝ (උරුමලද්දෝ) . පවුල් සංස්ථාව සම්බන්දව සංකීර්ණ සමාජ තේමාවක් මෙය හරහා ඇය ඉදිරිපත් කළා. ස්වාධීන රුපවාහිනීයේ විකාශනය වූ මෙය, එකල බොහොම ජනප්‍රියම ටෙලි නාට්‍යක් බවට පත්වී තිබෙනවා. ඉන් අනතුරුව ඉනෝකා කළ නොනගතයක නිමාව නම් ඒකාංගික ටෙලි නාට්‍ය, ඇයට සම්මාන කිහිපයක්ම උරුම කළ දුන් නිර්මාණයක්‌. මෙය වෙනුවෙන් OCIC සහ සුමති සම්මාන උළෙලේ හොඳම ඒකාංගික ටෙලි නාට්‍යට හිමි සම්මාන ඇය ජයග්‍රහණය කරනවා.
ඉනෝකා ලාංකීය වෘතාන්ත සිනමාවට පිවිසෙන්නේ 2003 වසරේ තිරගත වූ සුළං කිරිල්ලි හරහා. ගබ්සාව තේමාව කර ගත් මෙම චිත්‍රපටය, දෙස් විදෙස් ඇගයීම් රැසකට පාත්‍ර වනවා. දමිතා අබේරත්න රංගන ශිල්පිනියක් වශයෙන් ඇයගේ දක්ෂතාවය මැනවින් පෙන්නුම් කළ නිර්මාණයක්‌ මෙය. මෙහි අධ්‍යක්ෂණය වෙනුවෙන් සරසවි සහ OCIC සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම තිර පිටපත යන සම්මානයන් ඉනෝකා ජයග්‍රහණය කිරීමට සමත් වනවා. ඒ සමගම විදේශ සම්මාන අතරින් Dhaka ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයද ජයග්‍රහණය කරනවා. මීට අමතරව Tokyo ජාත්‍යන්තර සම්මාන උළෙලේද මෙය තරඟ වැදීමට වරම් ලබනවා. සුලං කිරිල්ලී ලාංකීය සිනමා ඉතිහාසය තුල 2020 වසර දක්වා දැවැන්ත වාර්තාවක්ද තබා ගන්නවා. ඒ එකම චිත්‍රපටයක් වෙනුවෙන් දෙස් විදෙස් සම්මාන වැඩිම සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය වශයෙන්.
ඉනෝකා සත්‍යාංගනී මින් පසුව කළ සින්ඩ්‍රේල්ලා යනු romantic ශානරයේ චිත්‍රපටයක්. බොහෝ සෙයින් යුරෝපිය චිත්‍රපට ආකෘතියකට ගොඩනැගුණු මෙය ලාංකීය සිනමාවට නැවුම් අත්දැකීමක් ගෙන දුන්නා. මෙයට සමස්තයක් වශයෙන් හිමි වන්නේ මිශ්‍ර ප්‍රතිචාර. ඒ කෙසේ නමුත් මෙහි රූපරාමු සහ ගීත බොහෝ දෙනාගේ ඇගයීමට පාත්‍ර වුනා. මෙහි දීර්ග දර්ශන කාලය හේතු කොටගෙන මෙය කොටස් දෙකකට කඩා තිබෙනවා. නමුත් අවාසනාවකට මෙහි පළමු කොටස තිරගතවී වසර 8 ක්‌ ගෙවී ගියත්, දෙවන කොටස අද වනතුරු තිරගතවී නැත.
ඉනෝකා සත්‍යාංගනීගේ නවතම සිනමා නිර්මාණයේ වැඩ අවසන් කර තිබෙනවා. එය බොහෝ දුර‍ට ඉදිරියේදී තිරගත වේවි.

රමිත විමුක්ති.

Back to top
Go to bottom

Popular News