lan englan tam

පුවත්

ජනපති කාර්යාලය ඉදිරියේ අද කැරොල් කියන්නේ ගුවන් හමුදාවේ ගීතිකා සහ වාද්‍ය කණ්ඩායම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනාධිපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක් ව ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඊයේ (22) කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

අද (23) දිනයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගීතිකා සහ වාද්‍ය කණ්ඩායම් නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපති කාර්යාල පරිශ්‍රය හා ඒ අවට ප්‍රදේශය විදුලි පහන් ආලෝකය දල්වා නත්තල් කැරොල් ගී ප්‍රසංගයේ සමාරම්භය සනිටුහන් කෙරුණ අතර ඊයේ දින නත්තල් කැරෝල් ගී ප්‍රසංගය ශ්‍රී ලංකා යුද හමුදාවේ ගීතිකා සහ වාද්‍ය කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලැබිණි.
මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය දෙසැම්බර් 25 වැනිදා තෙක් දිනපතා රාත්‍රී 07 සිට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

kemadasa

shungara

Back to top
Go to bottom