lan englan tam

පුවත්

සංදර්ශන පැවැත්වුවොත් නිර්මාණයත් නිර්මාණකරුවාත් අනතුරේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කවර නිර්මාණකරුවෙකුට වුව තමන්ගේ නිර්මාණ ඉතා වටී. එහෙත් ඔහු යම් විටෙක ඒ කර තබාගෙන සංදර්ශන පවත්වන්නට යන්නේ නම් එවිට නිර්මාණකරුවා මෙන්ම නිර්මාණයද අනතුරේ වැටෙයි.

පතිරාජ අහස් ගවුව හැදුවා මිස අහසින් ගියේ නැත.
ලෙස්ටර් ගම්පෙරලිය හදා ගම කෑවේ නැත.
ධර්මසිරි හංස විලක් හදා එය බොර කළේ නැත.
මාටින් වික්‍රමසිංහ කොග්ගල ප්‍රාඥයා ලෙස පිළිගැනීමට ලක්වූ පමණින් කලියුගයේ හැටි අමතක කලේද නැත.
සේකර ප්‍රබුද්ධ ලියූවද අප්‍රබුද්ධ කතාවල පැටලුනේද නැත.
යළිත් පාවුලෝ කොයියෝගේ කියමනමය.
"යමෙකු සැලකිලිමත් විය යුත්තේ මුවින් ඇතුලට යන දේට වඩා මුවින් පිටවන දේ ගැනය"

ප්‍රවීණ ලේඛක සහ පරිවර්තක චූලානන්ද සමරනායක

kemadasa

shungara

Back to top
Go to bottom