ප්‍රවීණ සංගීතවේදී සහ ගායන ශිල්පී ලකී දේවාගේ සිංහල කෙටිකතා සංග්‍රහය වන 'ජුලියනාගේ මංගල රාත්‍රිය' එළිදැක්වීම මොරටුව එම්.ජේ.එෆ්. ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
විවිධ සංස්කෘතීන් සහ තත්ත්වයන් ගවේෂණය කරමින් ශාක හා සත්ත්ව විශේෂවල වෙනස්කම් කියා දෙමින් රටවල් දහයක් පුරා සංචාරයකට පාඨකයා රැගෙන යන කෙටිකතා දහයක් කෘතියට ඇතුළත්ය
නුගේගොඩ සරසවි ප්‍රකාශකයින් විසින් ප්‍රකාශයට පත් කර ඇති කෘතිය ලකී දේවාගේ දෙවන සාහිත්‍ය කෘතියයි.
අජන්තා සෙනෙවිරත්න මෙනවිය, ශිවන්ත අර්ථසාද්, විමල් කැටිපෙආරච්චි, කමල් ඩයස්, රෙහානා වෙත්තසිංහ, ශාමෙන්දා පීරිස්, එරාන් වික්‍රමරත්න යනාදීන් වෙත ග්‍රන්ථයේ පළමු පිටපත උත්සවාකාරයෙන් පිළිගැන්විණි.
ලකී දේවා විසින් රචනා කරන ලද සහ සකසන ලද ගීත ඇතුළත් සංගීත ඉදිරිපත් කිරීමක්ද දයාන් විතාරණ ඇතුළු ගායක ගායිකාවන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු විය.