lan englan tam

පුවත්

ප්‍රියාගේ මරණෙට ආ 'විකසල්' චරිත

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ ගායක ප්‍රියා සූරියසේනයන්ගේ අවමංගල්‍ය උත්සවයට පැමිණි එක්තරා චරිතයක් ගැන පහදන ප්‍රවීණ ග්‍රන්ථ කතුවරයකු සහ පරිවර්තකයකු වන චූලානන්ද සමරනායක ශ්‍රී ලංකාවේ මිනිසුන් සහ පුහු මිනිසුන් පිළිබඳව සටහනක් තබා තිබුණේ ඔහුගේ ෆේස්බුක් ගිණුමේය. එම තැනැත්තා කවරෙකු වුවද සැබෑ මිනිසුන් හැටියට, කලාකරුවන් හැටියට ජීවත් වන්නන් ගැන අවධානයේ තියෙන අඩුව මෙයින් මනාව කියවේ.

"පුංචි කොදෙව්වක වි(ක)සල් චරිත.

හ.කු.අලගියවන්න මිත්‍රයත් එක්ක ප්‍රියාට අවසන් ගෞරව දක්වන්න ජයරත්න එකට ගියා. එතනදි දුටුව අසුන්දර දසුනක් අපේ රටේ විසල් කියලා පෙන්වන්න හදන විකල් චරිත ගැන ආයෙම හිත කීරි ගැස්සුවා.
මෙ කියන චරිතය ලොකු වාහනේක ඇවිත් බැස්සා. එයාගෙම කැමරාකාරයො පිරිසක් කැමරා අටව ගත්තා. ටිකකින් ප්‍රියාගෙ දේහය ගාවට ගියා. කැමරා ටික කෙලින් වුනා. ඒත් කැමරා ක්‍රියාත්මක වෙන්න කලින් මෙයා ආයෙම මෙහාට ආවා. ඒ වෙද්දි ඒ කිට්ටුව ප්‍රියාගෙ පුතා තව කෙනෙක් එක්ක කතාවක. කිසිම ඉවසිල්ලක් නැතුව මෙයා අර පුතාව තාත්තගෙ දේහය ගාවට ඇදලා ගත්තා. කැමරා ඔන් වුනා. සොව පල කිරීමේ දසුන රූගත වුනා. විශාල සද්දයක් නැතිවුනත් ඒක හවසට යයි.
අපි ඉන්නෙ මේ වගේ දෙරණක. දේශපාලකයො කියන තක්කඩි රොටියක් වගේ කෑලි වලට කඩාගෙන රටක.
මායි අලයයි ප්‍රියාගෙ පුතාට කතා නොකර පිටවුනා.
කායිකව මියගියත් අදත් ජීවමාන ප්‍රියා ඉදිරිපිට කායිකව ජීවත්වෙන ඒත් මියගිය චරිතයක් දැකපු අපුල එතනට ඇවිත් හිටිය දයාදේව රංගධරයගෙ සිනාව සහ වසන්ත කොටුවැල්ල රංගධරයගෙ සුහද කතාව හමුවේ අඩුවුනා.
දයාදේවල කොටුවැල්ලලා කවුද, මෙන්න නළුවො."

Back to top
Go to bottom

Popular News