lan englan tam

පුවත්

'අමුතු දොස්තර' අධ්‍යක්ෂක අලුත් වුණත් අත්දැකීම් ඇති අයෙක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාතික රූපවාහිනියේ විකාශය වන 'අමුතු දොස්තර' ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ කෝරලගේ සමන් යනු අධ්‍යක්ෂණයේදී අලුත් අයකු වුණත් අත්දැකීම් සහිත කුසලතා පූර්ණ අයකු බව රංගන ශිල්පිනී කලණි දොඩන්තැන්න පවසයි.

'සිළුමිණ - රසඳුන' අතිරේකයට නාමලී ගමගේ සමග සංවාදයට එක් වෙමින් ඇය මේ බව පවසා තිබිණි.
"මට මේ නිර්මාණයට ආරාධනා ලැබෙන්නේ කෝරලගේ අයියගෙන්. මම ඔහුව දන්නෙ කාලෙක ඉඳන්. වේදිකාවේ වගේම ටෙලිනාට්‍යවලත් අපි එකට වැඩකරල තියෙනවා. එයාගෙ පළමුවැනි නිර්මාණයට මටත් කතා කළා. මම හරිම සතුටින් ඒ වැඩේට සම්බන්ධ වුණා. තිර පිටපත ලියන්නේ සුසිත් විජයමුණි සහ දිල්ෂිකා රාජපක්ෂ. 'තණමල්විල කොල්ලෙක්' ටෙලි නිර්මාණයේදිත් මං සුසිත් අයියත් එක්ක වැඩ කළා. ඔහුගේ මේ නිර්මාණය එක්කත් වැඩකරන්න ලැබීම සතුටක්."
කලණි පවසයි.
"යොහානි කියන්නේ දමිළ වෛද්‍යවරියක්. ඇය ගොඩක්ම හුදෙකලාවට කැමති බොහොම සරල ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ වගේම ජීවිතයේ සියල්ල අතහැර සියලු දෙයින් ඈත්වී ලැබෙන පුංචි දේ පවා ජීවිතේ සතුට කරගත්තු ගැහැනියක්. ඇත්තටම ඒ අත්දැකීම ගොඩක් වෙනස්.
කෝරලගේ සමන් අලුත් අධ්‍යක්ෂවරයෙක් බව ඇත්ත. ඒත් ඔහු නාට්‍ය හා රංග කලාව උපාධියක් සහිත ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල කෙනෙක්. ඒ වගේම කරන වැඩේ අවංකව කැපවීමෙන් කරන කෙනෙක්. අධ්‍යක්ෂණයත් සමඟින් ප්‍රධාන භූමිකාව රඟනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. ඔහුගෙන් මටත් හොඳ සහායක් ලැබුණා. ඒ දෙකම සමබරව පවත්වාගෙන, සාර්ථක නිර්මාණයක් ප්‍රේක්ෂකයාට තිළිණ කිරීම කියන්නෙම ඔහුගේ දක්ෂතාවක්.
ඇත්තටම මේ නිර්මාණයේ හිටියෙ ඉතාම දක්ෂ නළු, නිළි පිරිසක්. ඒ හැමෝටම වේදිකාවේ, පුංචි තිරයේ වගේම රිදී තිරයේත් අත්දැකීම් තියෙනවා. ඔවුන් එක්ක වැඩ කරන්න ලැබීම ලොකු සතුටක්. ඒ වගේම ගොඩක් දේවල් ඉගෙනගන්නත් ලැබුණා. මේ නාට්‍ය සාර්ථක වෙන්න හේතුවත් ඒ වගේ දක්ෂයින් පිරිසක් සම්බන්ධ කරගැනීම කියලයි මට හිතෙන්නේ. කැමරා ශිල්පී චින්තක අයියා වගේම ප්‍රේක්ෂකයින්ට නොපෙනෙන තිරය පිටුපස ඉඳන් වෙහෙසෙන දක්ෂයින් ගොඩක් ඉන්නවා." යැයි කලණි සිය නව නිර්මාණය ගැන පවසා තිබිණි.

https://www.silumina.lk/2024/12/28/rasanduna/32208/%e0%b6%b8%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b6%ad%e0%b7%94%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b4%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b7%80/Silumina

Back to top
Go to bottom

Popular News