ජෝන් ද සිල්වා සමරු රඟහල මේ වන විට සංවර්ධන කටයුතු අතරමග නවතා ඇති ශ්‍රී ලංකාවේ සංස්කෘතික කටයුතු සිදු වන මධ්‍යස්ථානයක් වන අතර එම සමරු රඟහල සහ ජාතික කලා භවනෙහි කටයුතු නිම කිරීමෙන් අනතුරුව මහජන අයිතියට පවරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි පසුගියදා පැවසීය.
51 වැනි රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී හෙතෙම ඒ බව පැවසූ අතර එම දිනයේදී ශ්‍රී ලාංකේය නාට්‍ය වංශයේ පුරෝගාමී රංගන ශිල්පිනියක ලෙස ඉංග්‍රීසි නාට්‍ය කලාව වෙනුවෙන් කැප වී ක්‍රියා කළ ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය වෙත 'නාට්‍ය කීර්ති සම්මානය' පුද කෙරිණි.
සිංහල සහ ඉංග්‍රීසි වේදිකා නාට්‍ය ක්ෂේත්රයේ උන්නතිය උදෙසා කළ උත්තුංග සේවාව අගයමින්ද 2024 රාජ්‍ය නාට්‍ය උළෙලට සමගාමීව ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන මෙම සම්මානයෙන් ඇය මෙසේ පුදනු ලැබුවාය.