lan englan tam

පුවත්

ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ ඩිප්ලෝමාලාභීන් 52ක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ටවර් රඟහල නාට්‍ය හා රංග පාසලේ (සිංහල මාධ්‍ය) 10 වැනි ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය දෙසැම්බර් මස 15 වැනිදා කොළඹ 07, විජේරාම මාවතේ, සවුසිරිපාය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව තුළ කුසලතා රාමුවේ (SLQF) 3 සහ 4 මට්ටම් ආවරණය වන පරිදි වසර දෙකක පූර්ණ කාලීන ඩිප්ලෝමා පාඨමාලාව අවසන් කළ සිසුන් 52කුගේ සාර්ථකව පාඨමාලා අවසන් කිරීමේ උත්සවය අවසානයේදී සිසුන් සඳහා ඩිප්ලෝමා ප්‍රදානය කරන ලදී.
එහිදී "නාට්‍ය සහ රංගකලා ගුරුවරයාගේ සමාජ භූමිකාව" යන මැයෙන් ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ විසිනි.
01. සී දොන් බැස්ටියන් ජයවීර බණ්ඩාර සමරු පදක්කම සහ මුදල් ත්‍යාගය රු. 50,000.00 - ඩී.එම්. ආර්.පී දිසානායක

02. නීතීඥ ජෝන් ද සිල්වා සමරු පදක්කම සහ මුදල් ත්‍යාගය රු. 50,000.00 - එස්.ඒ.එස්. මධුවන්ති අබේසිංහ

03. නීතීඥ චාල්ස් ඩයස් සමරු පදක්කම සහ මුදල් ත්‍යාගය රු. 50,000.00 - මාඑළිය දුරේලගේ ඉසුරු එරංග

04. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර සමරු පදක්කම සහ මුදල් ත්‍යාගය රු. 50,000.00 - බී.එච්. හිරුමාල් උදයකාන්ත
යනාදීහු දිනාගත්හ.

Back to top
Go to bottom

Popular News