ශ්‍රී ලාංකික රූපවාහිනී නාලිකා අතර ජනප්‍රිය තලයට ඉතා කෙටි කලකින් එළඹීමට සමත් වූ සුප්‍රීම් රූපවාහිනී නාලිකාව (Supreme TV)2025 ජනවාරි මස සිට චැනල් නිව්ස් ඒශියා (Channel News Asia) මාධ්‍ය ජාලය සමග අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.
ජාත්‍යන්තර වැඩසටහන්, ප්රවෘත්ති හා විශේෂාංග වැඩසටහන්වල සුපිරි අත්දැකීමක් දේශීය ප්‍රේක්ෂකාගාරයට එක් කිරීමටත් ගෝලීය ප්රවණතා පිළිබඳව දේශීය ප්‍රේක්ෂකයා බද්ධ කිරීමට මෙන්ම ඉතා කෙටි කලකින් විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනා ගැනීමටත් සමත් වූ සුප්‍රීම් රූපවාහිනී නාලිකාවේ නව පරිච්ඡේදයක් මේ සමග සනිටුහන් කෙරේ.
සීමාසහිත රසවින්දනයකට හා ගතානුගතික රූපවාහිනී වැඩසටහන් රාමුවකට සිර වී සිටින මෙරට ප්‍රේක්ෂකාගාරය නවීන තාක්ෂණික හැඩතල හා පහසුකම් මත නිෂ්පාදනය කළ විවිධාකාර වැඩසටහන්වල අලංකාරය සමගින් සමායෝජනය කිරීමට මෙම නව සැලසුම ඔස්සේ කටයුතු සූදානම් කර ඇත.
සුප්‍රීම් සමූහයේ සහ සුප්‍රීම් රූපවාහිනියේ සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා මේ පිළිබඳව පවසන්නේ
"චැනල් නිවුස් ඒශියා (Channel News Asia) සමග අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අපි ඉතාමත් ආඩම්බර වනවා සේම අපි සතුටු වෙනවා. මෙම හවුල්කාරීත්වය දේශීය ප්‍රේක්ෂකයින් සඳහා ලෝකයේ නවතම ප්රවණතා, රූපවාහිනී අත්දැකීම් රාශියක් අත්විඳීමේ අවස්ථාව උදා කරන කවුළුවක් විවර කිරීමට සුප්‍රීම් නාලිකාව මෙම එකමුතුව හා සමත් වෙනවා. මෙරට දීපව්‍යාප්තව විසිරී සිටින බාල, තරුණ, මහලු සියලුම රූපවාහිනී ප්‍රේක්ෂකාගාරයට ජාත්‍යන්තර තලයේ වැඩසටහන් මෙන්ම ප්රවෘත්ති විකාශයන්ගේ අත්දැකීම ජනතාකරණය කිරීමට මේ හරහා ඉඩකඩ විවෘත වෙනවා." යනුවෙනි.
චැනල් නිවුස් ඒශියා යනු 1999 මාර්තු මාසයේදී සිංගප්පූරුවේ සහ ජාත්‍යන්තරව 2000 ඔක්තෝම්බර් මාසයේදී දියත් කරන ලද කලාප 29ක් පුරා ක්‍රියාත්මක වන විශ්වාසදායක ප්රවෘත්ති මූලාශ්‍ර සපයන රූපවාහිනී මාධ්‍ය ජාලයකි. මිලියන 90කට අධික නිවාස සහ ලොව සුප්‍රසිද්ධ හෝටල් කාමර ප්‍රමාණයක් ආවරණය කරමින් සිය ප්‍රේක්ෂකාගාරය ආමන්ත්‍රණය කරයි. ප්‍රධාන ආසියාතික අග නගර 13ක කාර්යාංශ සහ මාධ්‍යවේදීන් 700ක ශක්තිමත් ජාලයක් සමඟින් සිය රූපවාහිනී නිෂ්පාදන කටයුතු සිදු කරන ආයතනයකි.
එහි පැයෙන් පැය යාවත්කාලීන වන ආසියානු හා ගෝලීය පුවත් සම්පිණ්ඩනය, ආසියානු, ඇමරිකානු සහ යුරෝපීය වෙලඳපොලවල් හැසිරීම පිළිබඳව වඩාත් න්‍යායාත්මක හා විමර්ශනාත්මක වාණිජ පුවත්, සමාජ-ආර්ථික විශ්ලේෂණ, සංචාරක සහ වින්දනීය නේත්රාකර්ශණීය සති අන්ත වැඩසටහන්, Asia First සහ Asia Tonight වැනි ජාත්‍යන්තර ප්‍රජාවගේ සුවිශේෂී ප්‍රසාදයකට ලක් වූ වැඩසටහන් ගෝලීය සිදුවීම් පිළිබඳ ප්‍රේක්ෂකාගාරයට පුළුල් දැක්මක් ලබා දෙන අතර Insight සහ In Conversation වැනි ගැඹුරු වැඩසටහන් හරහා ලොව ප්‍රබල සම්භාවනීය අමුත්තන් හා කෙරෙන සංවාද, සහ තියුණු විශ්ලේෂණ සිදු කෙරේ.
ගෝලීය වශයෙන් ඉතා ඉහළ පිළිගැනීමට ලක්ව ඇති CNA සම්මානලාභී ජාත්‍යන්තර ප්‍රමිතිගත නිෂ්පාදන රාශියක හිමිකාරීත්වය දරණ අතර විශ්වසනීය හා බලපෑම්කාරී ප්‍රේක්ෂකයින්ට වඩාත් නිවැරදි, හරවත් ප්රවෘත්ති අත්දැකීමක් සමීප කරවන ප්රමුඛ ජන මාධ්‍ය ජාලයක් ලෙස සිය සුවිශේෂී වූ ස්ථානය සමාජය තුළ තහවුරු කර ඇත.
Supreme TV යනු ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ භෞමික සංඛ්‍යාත හරහා ජනතාව ආමන්ත්‍රණය කරන දීප ව්‍යාප්ත ආවරණයක් සහිත මාධ්‍ය ජාලයක් වන අතර විනෝදාස්වාදය, ප්රවෘත්ති සහ සංස්කෘතික අන්තර්ගතයන් දක්වා විහිදෙන නව්‍ය වැඩසටහන් සඳහා ඉඩකඩ වෙන් කර ඇති අවම කාලයකදී වැඩිම ප්‍රේක්ෂක ආකර්ශණයක් හිමිකර ගත් ජනප්‍රිය රූපවාහිනී සන්නාමයකි. සාම්ප්‍රදායික රූපවාහිනි රසාස්වාදන ආකෘතිය අතික්‍රමණය කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ වැඩසටහන් හා ජාත්‍යන්තර හවුල්කාරීත්වයන් සමගින් විශිෂ්ට තලයට ගෙන යාමට අනාගතවාදී දැක්මකින් කටයුතු කරන කැප වී සිටින සුප්‍රීම් ටෙලිවිෂන් නිරන්තරයෙන්ම සිය ප්‍රේක්ෂකාගාරය පිළිබඳව සැලකිලිමත් වෙමින් යාවත්කාලීන වෙයි. උපාය මාර්ගිකව මෙන්ම අර්ථාන්විත ලෙසින් සිය සන්නාමය වටා රොක් වන ප්‍රේක්ෂකාගාරයට හැකි සෑම විටෙකම ඉහළම ප්‍රමිතියේ රූපවාහිනී අත්දැකීමක් සමීප කරවීමේ අභිලාෂය සහිතව නාලිකාව කටයුතු කරයි.
මෙම හවුල්කාරිත්වය මගින් ප්‍රේක්ෂකයන්ට පොහොසත් සහ ආකර්ෂණීය අන්තර්ගතයන් සැපයීම සඳහා SUPREME සහ CNA හට වඩාත් පුළුල් අවස්ථාවක් සැපයෙන අතර CNAහි විස්තීර්ණ ආසියානු වාර්තාකරණ ජාලය සුප්‍රීම් ටෙලිවිෂන්හි දේශීය ප්‍රවීණත්වය සමඟ ඒකාබද්ධ කිරීමෙන් මෙම සහයෝගීතාවය සංස්කෘතීන් හා ද්වී පාර්ශවික අවබෝධය පෝෂණය කරන වඩාත් ධනාත්මක විකාශන අනාගතයක් සඳහා ජනමාධ්‍ය වේදිකාව සකසයි. SUPREME TV සෑම විටම එහි ප්‍රේක්ෂකයින් සඳහා නේත්රාස්වාදයයෙන් ඔබ්බට ගොස් ඉහළම, ගුණාත්මක දැනුම, සතුට, විනෝදය ඒකාබද්ධ කරමින් සුපිරි ජාත්‍යන්තර ප්‍රමිතියේ වැඩසටහන් මාලාවක් ප්‍රේක්ෂකයින්ට තිළිණ කිරීමට නිරන්තරයෙන් සූදානමින් සිටියි.
සාමාන්‍ය රූපවාහිනී විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් සාරවත් සහ සුවිශේෂී ගුණාත්මක බවින් යුත් වැඩසටහන් හරහා සැපයීමට මෙන්ම දේශීය ප්‍රේක්ෂකාගාරයට ගෞරවාන්විත ටෙලිවිෂන් අත්දැකීමක් සමීප කරවීමට සුප්‍රීම් නාලිකාව සූදානමින් සිටියි.