අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලයන් රැසක් නියෝජනය කරමින් සම්මාන රැසකට හිමිකම් කියූ " මාරියා " නුදුරේම තිරගත වීමට සූදානම්.
වියට්නාමයේ හැනෝයි නුවරදී පැවති 6 වන හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය මෙම චිත්‍රපටයේ රඟපෑ නළුවන් හත් දෙනාටම හිමිවිය . එලෙස හොඳම නළුවා සම්මානය එකවර හත් දෙනෙකු දිනාගත් ප්‍රථම අවස්ථාව ද මෙය වේ .
ඉන්දියාවේ ජායිපූර් නගරයේ පැවැති 15 වන ජායිපූර් අන්තර්ජාතික සිනමා උළෙලේ දී ග්‍රීන් රෝස් සම්මානය දිනාගත් " මාරියා" ,
රුසියාවේ පැවැති " සල්ටා ඉයුරේෂියන් බ්‍රිජ් අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානයටද හිමිකම් පෑහ .
ලොව ඒ ශ්‍රේණියේ අන්තර්ජාතික සිනමා උළෙලක් ලෙස සැලකෙන , ආසියාවේ පැරණිතම සිනමා උළෙල වන 54 වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ තරගකාරි අංශය සඳහා ද නිර්දේශ වූ " මාරියා " , රුසියාවේ පැවැති මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමට ද සමත්විය .
සම්පූර්ණයෙන්ම මහ මුහුද මැද රූපගත කර ඇති " මාරියා" හේමාල් රණසිංහ , මහේන්ද්‍ර පෙරේරා , අශාන් ඩයස් , දර්ශන් ධර්මරාජ් , ප්‍රියන්ත සිරිකුමාර , දසුන් පතිරණ හා සුරන් දසනායක ගේ රංගනයෙන් ඔපවත්ව ඇත .
මෙම රංගන ශිල්පීන් හත් දෙනා විසින් මෙහි ගීතයක් ගැයීමද විශේෂිත වේ.
චන්න දේශප්‍රිය ගේ කැමරාකරණයෙන් ද , ඩිලන්ත පෙරේරාගේ සංස්කරණයෙන් ද , දමින්ද මඩවලගේ සහය අධ්‍යක්ෂණයෙන් හා චින්තක ජයකොඩිගේ සංගීතයෙන් හැඩ වූ " මාරියා " තිර රචනය සහ අධ්‍යක්ෂණය අරුණ ජයවර්ධන ගෙනි.
" මාරියා " ඉන්ද්‍රජිත් සිල්වාගේ නිෂ්පාදනයකි .
ඇන්ටන් ජේ ප්‍රනාන්දු .