lan englan tam

පුවත්

පරණ අවුරුද්දට තුති කියන මේඝගේ අලුත් අවුරුද්ද

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේඝ සූරියආරච්චි Mr. World (මිස්ටර් වර්ල්ඩ්) 2024 වියට්නාමයේදී පැවැත්වුණු තරඟාවලියේදී Mr. World ජනතා තේරීම බවට පත් වූයේ මීට මාස කිහිපයකට පෙරය.

'ජාතික ඇඳුම' අංශයේ ජනතා තේරීමට සමත් වූ මේඝ Mr. Sri Lanka ලෙස තරඟයට ඉදිරිපත් වූ ලාංකික නිරූපණ ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු වන අතර සිනමාව ඔස්සේ මෑතකදී ඔහු අවධානයට පත් වුණේ පසුගිය වසරේ තිරගත වූ 'මන්දාරා' චිත්‍රපටය හේතුවෙනි.
Mr. World තරඟවලියක අවසන් 10 දෙනා අතරට පැමිණි පළමු ලාංකිකයා වන මේඝ නව වසර පිළිබඳව සටහනක් තබා තිබුණේ සිය පැරණි වසරේ හිතවතුන්ටද තුති පුදමිනි.
පසුගිය වසරේ සිය අදිවේගී ගමනේදී සිය පසෙකින් සිටගත් සියලු දෙනාට මේඝ ස්තුති කර තිබිණි.
පසුගිය වසරේ තමන්ට ඇති වැදගත්කම පෙන්වා දුන් අතර මිස්ට ශ්‍රී ලංකා තරඟාවලියේ සිය මව්බිම නියෝජනය කිරීමට හැකි වීම භාග්‍යයක් බවත් සිය රට වැසියන් වෙනුවෙන් කැපවීමට තමන් මේ වසරේදී කටයුතු කරන බවත් මේඝ එහි සඳහන් කරයි.
සිය ගමනේදී සහාය වූ සොහොයුරන්ගේ ආදරය තමන් දිවිය පුරාවටම තබාගන්නා නිධානයක් බවත් මිස්ට ශ්‍රී ලංකා තරඟාවලියට සහාය දැක්වූවන්ට තුති පුදන බවත් ඔහු සඳහන් කර තිබේ.

Back to top
Go to bottom