lan englan tam

පුවත්

හොලිවුඩයටත් ගිනි ඇවිළුන ඇමරිකාවේ ඛේදවාචකය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර ඇති වූ ලැව් ගිනි තත්ත්වය අධික සුළං හේතුවෙන් වේගයෙන් පැතිරී යන අතර ගින්න හොලිවුඩ් පුරවරයටත් පැතිරී ගොස් බවට ඊයේ (09) දින සිට විදෙස් මාධ්‍ය වාර්තා කරමින් තිබේ.

අවම වශයෙන් ඊයේ දිනයේදී පුද්ගලයින් 05 දෙනෙකුට ජීවිත අහිමි වූ මෙම ගින්නෙන් වාහන, නිවාස සහ අනෙකුත් දේපල සහ ජීවිතවලට සිදු වූ අනතුරු මෙතෙක් ගණන් බලා නොමැත.
අධික උෂ්ණත්වය සහිත වියළි සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති කළ ලැව් ගින්න නිවීම සඳහා ඉදිරිපත් වූ ප්‍රධානා මෙහෙයුම් පවා අකර්මණ්‍ය සහ අපහසු කරන මට්ටමට ගිනි ඇවිලීම වේගවත් වී ඇති බව පැවසේ.
සැකෙවින් ඇ.ඩො.බි. 50ක අලාභයක් වී ඇති බවට අනුමාන කරන ලැව් ගිනි තත්ත්වය ඇති වූයේ මීට දින තුනකට පමණ වන අතර දින දෙකකට ආසන්න කාලයකදී ප්‍රදේශයේ ජනතාවට ඉවත් වන ලෙස ඇමරිකානු බලධාරීන් ප්‍රකාශ කර තිබිණි.
හොලිවුඩය කරා ගින්න පැතිරී තිබුණේ පෙරේදා (08) සිට බවද විදෙස් වාර්තා ප්‍රකාශ කර තිබිණි.

Back to top
Go to bottom