lan englan tam

පුවත්

හුස්ම ගණින මහ මුහුදේ ටෙලිනාට්‍යය 'SEAසෝ'

User Rating: 2 / 5

Star ActiveStar ActiveStar InactiveStar InactiveStar Inactive
 

වියරු මහ මුහුද සිය ජීවිතය කර ගනිමින් වෙරළ පේන මානයේම දිවි ගෙවන විවිධ සිතුවිලි හා චර්යාවන්ගෙන් පරිපූර්ණ වූ ඔස්කා, පංචාලි, රිචඩ් මහත්තයා , පවිත්‍රා, නිවුටා , සුරංගි, අයිරින් ඇතුළු පිරිසක් වටා “SEA සෝ” කතාව දිග හැරෙයි. තිළිණි ජයධීරගේ රූපවාහිනී රචනයකට අනුව ඩබ්ලිව්. රවින්ද්‍ර අධ්‍යක්ෂණය කළ මෙම ටෙලිනාට්‍ය සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රි 7.30 ජාතික රූපවාහිනී නාළිකාව තුළින් විකාශනය වෙයි.

රංගනයෙන් බිමල් ජයකොඩි, සුජානි මේනකා, සුලක්ෂණී හේරත්, අජිත් ලොකුගේ, කලණ ගුණසේකර, දසුන් පතිරණ, ධනු ඉනසිතම්බි, මහේන්ද්‍ර වීරරත්න ඇතුළු පිරිසක් එක්ව ඇති මෙහි කැමරාකරණයෙන් චින්තක සෝමකීර්ති, සංස්කරණයෙන් අජිත් දිසාසේකර, කලා අධ්‍යක්ෂණයෙන් චින්තන විජේරත්න ද සංගීත අධ්‍යක්ෂණයෙන් අරුණ සමරවික්‍රම එක්වූ “SEAසෝ” උපුල් ජයසිංහගේ නිෂ්පාදනයකි.

ඕනෑම දෙයක් ආරම්භවන්නේ කුමක් හෝ නිමිත්තක් හේතුවෙනි. මේ කතාව දිග හැරෙන්නේ ද එක්තරා රාත්‍රියක වැල්ලේ සිදුවන අහඹු සිදුවීමක මූලිකත්වයෙනි. ඒ අහඹු රාත්‍රියේ මහ මුහුදට පැන සිය දිවි නසා ගැනීමට තැත්කළ පංචාලිව ඔස්කා විසින් බේරා නොගත්තානම්, මේ කතාව මෙසේ නොවන්නට ඉඩ තිබුණි. ඔස්කා ඕනෑම දේකට ඔට්ටු වැල්ලේ උපන් කොල්ලෙකි. වලාලයට මා දැලක් අදිමින් හෝ බෝට්ටුවක යමින් ජීවත් වන ඔහු, වාරකන් කාලයට සංචාරක කර්මාන්තය හා බැඳුණු හොඳ හෝ නරක ඕනෑම ආදායම් සහිත වෘත්තියක නිරත වන ඔස්කාට ඔහුට වඩා වයසින් වැඩි සුද්දියක් සමග සමීප සබඳතාවක් විය. ඔහු ඇයගේ ආශාවන් තෘප්තිමත් කළේ, ඇය හා ගෙවන පැය ගාණට මුදල් අයකරමිනි. පංචාලිගේ හමුවීමත් සමගම ඔස්කා ඇතුළු වැල්ලේ ජීවිත ගණනාවක ජීවිත උඩු යටිකුරු විය. “SEAසෝ” යනු ඒ කතාවයි.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

Back to top
Go to bottom