lan englan tam

පුවත්

නිවස අළු වී යන හැටි පැරිස් හිල්ටන් දැක තිබුණේ රූපවාහිනියෙන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හොලිවුඩය යනු බොහෝ දෙනෙකු ළඟා වීමට ආසා කරන, චිත්‍රපට නැරඹීමේදී ප්‍රමුඛතාව දෙන සිනමා නගරයකි.

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවරට ව්‍යාප්ත වූ ඉතිහාසයේ දරුණුතම ලැව් ගින්න හොලිවුඩයටද පසුගිය දින කිහිපයේදී ව්‍යාප්ත වී තිබූ අතර මේ වන විට සංඛ්‍යාත්මකව ගණන් බැලිය නොහැකි සිනමා තාරකා ගණනාවක් ඇතුළු ශිල්පීන් ගණනාවකගේ නිවාස ගින්නෙන් අළු වී ගොස් තිබේ.
සිය සිහින නිවහන් අළු දූලි බවට පත්වීමේ ව්‍යසනයට මුහුණ දුන් සිනමා තරු අතර ඇන්තනි හොප්කින්ස්, ජෝන් ගෝඩ්මන්, මයිල්ස් ටෙලර්, පැරිස් හිල්ටන්, මැතිව් පෙරී, හැරිසන් ෆෝඩ්, එව්ජින් ලෙවි, බිලී ක්‍රිස්ටල්, ඇඩම් බ්‍රොඩි වෙති. මෙම ලයිස්තුව තවමත් දිගු වෙමින් පවතින අතර ජනප්‍රිය හොලිවුඩ් තාරකාවක් වන පැරිස් හිල්ටන් පවසා තිබුණේ සිය සිහින නිවහන අළු වී යන හැටි රූපවාහිනිය ඔස්සේ සජීවීව නැරඹීමට සිදු වූ බවය.
මෙම තත්ත්වය ඉතිහාසයේ දරුණුතම ලැව් ගින්න ලෙස සලකනා අතරේ හොලිවුඩයේ සිනමාපටවල පෙන්වන අභව්‍ය ව්‍යසනයක් ලෙස මෙම ඛේදවාචකය ඇතැමුන් පෙන්වා දී තිබිණි.
ඒ මෙවන් ව්‍යසන සිදු වන විට ඇමරිකාව රටක් ලෙස එක් වෙමින් සතුරු ආක්‍රමණ පරදවන ජනතාවක් සිටින රටක් බවට පෙන්වූ නමුත්, මෙම ස්වභාවික ව්‍යසනයට ගොදුරු වීමට හොලිවුඩයට පවා සිදු වීම හේතුවෙනි.

 

P 2

 

P 1

 

P 1

 

P 1

Back to top
Go to bottom