දේශීය කථානාද සිනමාවට මේ වන විට වසර 78ක් සම්පූර්ණ වී තිබේ.
ඒ වෙනුවෙන් පැවැත්වෙන බහු සංස්කෘතික සිනමා උළෙල හෙට (14) සිට ආරම්භ කිරීමට නියමිතය.
අංග සම්පුර්ණ සිනමා ශාලාවක විශිෂ්ට සිනමා කෘති 09ක් නොමිලයේ නැරඹීමට ඒ අනුව ශ්රී ලංකා ජාතික චිත්රපට සංස්ථාව අවස්ථාව උදා කර දී තිබේ.
කථානාද සිනමාවට වසර 78ක් සපිරෙන විට ජාතික චිත්රපට සංස්ථාව සිය වසර 53 සැපිරීම සිදු කරයි.
ජනවාරි 14 - සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා, 15 - සංසාරේ දඩයක්කාරයා, 16 - The wild Goose Lake, 17 - Anatomy of a Fall, 18 - කෝමාලි කිංස්, 19 - Peepli, 27 - ගඟ අද්දර, 28 - Jඉගර්තන්ඩ, 29 - සාරවිට යනාදී සිනමා නිර්මාණ තිරගත කිරීමට කටයුතු යොදා තිබේ.
1947 ජනවාරි 21 වැනිදා කොළඹ පිහිටි කිංග්ස්ලි සිනමා ශාලාවේදී 'කඩවුණු පොරොන්දුව' ලාංකේය සිනමාවේ ප්රථම කථානාද චිත්රපටය ලෙස තිරගත වීමෙන් අනතුරුව ආරම්භ කෙරුණු ලාංකේය කථානාද සිනමා කර්මාන්තය වර්තමානයේ මෙන්ම එවක පටන් බහුල ලෙස ඉන්දීය සිනමාව ඇසුරේ නිර්මාණය වන චිත්රපට කෙරෙන් ප්රවර්ධනය කෙරිණි.
1956 වර්ෂයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් 'රඛාව' අධ්යක්ෂණය කිරීම එතෙක් එම රටාවට අලුත් මගක් කියාපෑමක් විය.
අද වන විට 78 වසරක් සැපිරීමට නියමිතව ඇත්තේ එම සිනමා කර්මානතය වන අතර එය සමරනු වස් ලාංකේය සිනමා රසිකයාට අංග සම්පූර්ණ සිනමා රසාස්වාදයක් සැපයීමට ජාතික චිත්රපට සංස්ථාව කටයුතු කර තිබේ.
ජනවාරි 14 සිට 19 දක්වා සිනමාපට ජාතික චිත්රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ සවස 4.30ට සහ ජනවාරි 27 සිට 29 දක්වා චිත්රපට දළුගම සරසවි චිත්රාගාරයේදී සවස 4.30ට තිරගත කෙරේ.