lan englan tam

පුවත්

රැෆෙලාගේ යුක්තිය අයදින මාසය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රැෆෙලා ප්‍රනාන්දු ජනප්‍රිය ඡායාරූප ශිල්පිනියක ලෙස පමණක් නොවේ. සෑම වසරකම සිනමා ඇතුළ කලා ශිල්පීන් යොදාගෙන එළිදැක්වීම සිදු කරන රැෆෙලාගේ දින දර්ශනයද සෑම වසරකදීම මුල් භාගයේ බොහෝ දෙනෙකුගේ අවධානයට නතු වන අංගයකි.

රැෆෙලාගේ දින දසුන පසුගියදා එළිදැක්වුණ අතර එහි මෙවර ඉන්දීය කලා ශිල්පිනියක වන උර්මිලා මතෝන්ද්කර් සහ ජාත්‍යන්තරය ජය ගත් ලාංකික සිනමා ශිල්පිනී ජැකලීන් ෆර්ඩිනඩ්ස්ද යොදාගෙන තිබේ.
නමුත්, රැෆෙලාගේ දින දසුනේ මෙවර අප්‍රේල් මාසයට විශේෂයක් දක්වා ඇත.
ඒ එම මාසය සඳහා රංගන ශිල්පිනී ශලනි තාරකා යොදාගෙන කුප්‍රකට පාස්කු ප්‍රහාරය සිහි ගන්වන කොළඹ, කොච්චිකඩේ දේඅවස්ථානය සිහිපත් කරවන ලෙස නිකුත් කළ ඡායාරූපය හේතුවෙනි.
ශලනි එහිදී නීත්ඥ කබායක් හැඳ ඡායාරූපයට පෙනී සිටින අතර එමගින් ඇය මෙම ප්‍රහාරය පිළිබඳව සාධාරණ විනිශ්චයක් ලැබිය යුතු බව නිරූපණය කර ඇත. කෙටියෙන් කිවහොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා ඇත.
රැෆෙලා විසින් මාසවලින් එළිදක්වනු ලැබූ සුවිශේෂීම මාසය මෙය අප්‍රේල් වන බව මේ වන විට බොහෝ දෙනෙකු අවධානය යොමු කරන බව පෙනෙන්නට තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom