තරුණ නිර්මාණකරුවෙකු වන ඉඳුවර සූරියබණ්ඩාර සිය කුළුඳුල් සිනමා අධ්යක්ෂණය ලෙස “Number Plate - නම්බර් ප්ලේට්” චිත්රපටය එළිදැක්වීමට සූදානම් වෙයි.
මෙම සිනමා නිර්මාණය ඉඳුවර සූරියබණ්ඩාර සහ ප්රවීණ රචක සද්ධාමංගල සූරියබණ්ඩාර යන පිය-පුතු සුසංයෝගයෙන් බිහිවන විශේෂ නිර්මාණයක් ලෙස සැලකේ. චිත්රපටයේ තිර රචනය ද ඔවුන් දෙදෙනාගේ එක්වීමෙන් සිදුකර තිබේ.
Psychological Thriller ශානරයට අයත් මෙම චිත්රපටය සඳහා රන්දික ගුණතිලක, දුෂේනි මියුරංගි, තුමිඳු දොඩන්තැන්න, ජයනි සේනානායක, ආනන්ද කුමාරඋන්නැහේ, ජෙනට් ඇන්තනී, සඳනි ප්රනාන්දු, කිං රත්නම් සහ විශ්වජිත් ගුණසේකර ඇතුළු රංගන ශිල්පීන් රැසක් දායකත්වය ලබාදී ඇත.
කුළුඳුල් අධ්යක්ෂණයකින්ම වෙනස්ම තේමාවක් ඔස්සේ ප්රේක්ෂකයින් වෙත පැමිණීමට සූදානම් වන ඉඳුවර සූරියබණ්ඩාරගේ මෙම උත්සාහය ශ්රී ලාංකේය සිනමාවට නව අත්දැකීමක් එක් කරනු ඇතැයි සිනමා ක්ෂේත්රයේ බොහෝ දෙනාගේ විශ්වාසයයි.




