ඌව ප්රජා ගුවන් විදුලියෙන් කලාවට අවතීර්ණ වී, අද වන විට ගුවන් විදුලිය, පුංචි තිරය, රිදී තිරය මෙන්ම නව මාධ්ය අවකාශය ද ජයගත් ඇය ‘අමාවි දනන්සූරිය’ ය. බදුල්ල ලුණුගල වැනි දුෂ්කර පළාතක සිට ස්වෝත්සාහයෙන් පැමිණි ඇයගේ කලා චාරිකාව පිළිබඳව අප සමඟ කළ සංවාද සටහනක් ඇසුරෙන් සැකසූ ලිපියකි.) ඇයගේ කලා හැකියාවන් මුලින්ම ඔප මට්ටම් වූයේ පාසල් වේදිකාව තුළිනි. පාසල් අවදියේදී කථිකත්වයට මෙන්ම රංගනයට ද මහත් දක්ෂතාවයක් දැක්වූ ඇය, ගමේ තිබූ කලා නිකේතනයක් හරහා වයස අවුරුදු 12, 13, 14 වැනි කුඩා කාලයේදීම හොඳම ළමා නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇයගේ මෙම දක්ෂතා ඇයට ඌව ප්රජා ගුවන් විදුලියට සම්බන්ධ වීමට මග පාදනු ලැබීය.
පසුව ශශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධ වන ඇයට කරුණාරත්න අමරසිංහ, අජන්තා රණසිංහ සහ මහාචාර්ය සුනන්ද මහේන්ද්ර වැනි ප්රවීණයන් හමුවී ගුරුහරුකම් ලැබීමට වාසනාව හිමි විය. එහිදී ඇය නිවේදිකාවක් සහ හඬ කැවීම් ශිල්පිනියක් ලෙස කටයුතු කළාය.
විශ්වවිද්යාල අධ්යාපනය ලබන අතරතුර මහින්ද පෙරේරාගේ නාට්ය වැඩමුළු (එධපඬඵඩධනඵ) වලට සම්බන්ධ වූ ඇය, ඔහුගේ පාඨමාලාවේ 2 සහ 3 වන කණ්ඩායම් (ඕචබජඩඥඵ) නියෝජනය කළාය. ඇය සමඟ විශ්ව කොඩිකාර, වොල්ගා ඇතුළු විශාල පිරිසක් එහි අධ්යාපනය ලැබූහ. එම වැඩමුළුවේදී කළ ‘ස්ටාර්ස් ශශ්රී ලංකා’ හිස්තැනක් නාට්යය ඇයගේ පළමු ටෙලිනාට්යය අත්දැකීම බවට පත්විය.
ප්රධාන චරිතවලට වඩා උප ප්රධාන (ඉභඡ ජඩචපචජබඥපඵ) සහ සහය චරිත හරහා තමන්ගේ අනන්යතාවය සනිටුහන් කළ ඇය, මේ වන විට ටෙලිනාට්ය 25ක පමණ සහය චරිත නිරූපණය කර ඇත. මුල් කාලයේ කළ සුළු චරිත ද ඇතුළුව ඇය නිර්මාණ 30කට අධික සංඛ්යාවකට දායක වී තිබේ.’හීන් හිනා’ (සිරස ටීවී), ‘ඔෆිස් ලන්තය’, ‘දේදුන්නයි ආදරේ’ (දෙරණ ටීවී), ‘සෑණ්ඩි’, ‘නිහිඬුම් තරණ’, ‘දිරිය දෝණි’ (රූපවාහිනිය) වැනි ටෙලිනාට්ය ඇය රංගනයෙන් දායක වූ නිර්මාණයන්ය.
පාසල් අවදියේ සිටම වේදිකාවට ඇලුම් කළ ඇය, පසුව ප්රවීණ කලාකරු ජයලත් මනෝරත්න මහතා යටතේ වේදිකා නාට්ය පිළිබඳව හදාරනු ලැබුවාය. ඔහුගේ “ලීටන් ලීටා” (ඹ්ඥඥබධද ඹ්ඥඥබච) වේදිකා නාට්යයේ ප්රධාන චරිතය වසර එකහමාරක්, දෙකක් වැනි කාලයක් පුරා රඟපෑමට ඇයට අවස්ථාව ලැබුණි.
-sarasaviya -




