lan englan tam

පුවත්

සිනමා නිෂ්පාදන සහ සිනමාහල්වලට දුන් රුපියල් කෝටි 12කට වඩා අය කරගෙන නෑ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චිත්‍රපට නිෂ්පාදනය හා සිනමාශාලා සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ලබා දුන් මුදල්වලින් රුපියල් කෝටි 12කට වැඩි මුදලක් (රුපියල් 121818284) අය කරගැනීමට කටයුතු කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක් සඳහන් කරයි.

අද (17) මාධ්‍යවේදිනී රන්මලී සෝමසිරි 'දිනමිණ' පුවත්පත ඔස්සේ මේ බව අනාවරණ කළාය.
සංස්ථා කළමනාකරණය ඉහත මුදල අය කරගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එම වාර්තාවේ දැක්වෙන බව පුවතෙහි දැක්වේ.
"2023 දෙසැම්බර් 31 දිනට චිත්‍රපට නිෂ්පාදනයට සහ සිනමාශාලා සඳහා ලබාදී ඇති ණය මුදල්වලින් රුපියල් කෝටි අටක් (රුපියල් 88,503,920) සහ සිනමාශාලාවලින් ලැබිය යුතු හිඟ මුදල් කෝටි 38 (රුපියල් 389,961,318) ක් ඇතුළුව රුපියල් කොටි 47ක (රුපියල් 478,465,238) මුදලක් සංස්ථාව වෙත ලැබිය යුතුව තිබුණි. සංස්ථාවට ලැබිය යුතු එම මුළු මුදලින් රුපියල් කෝටි 35ක් (රුපියල් 356,646,954) අධිභාර සහ හානිකර ගැළපීම නිසා 2023 දෙසැම්බර් 31 දිනට අයකර ගත හැකි ශුද්ධ ණය ශේෂය කෝටි 12ක් (රුපියල් 121,818,284) වී ඇත. එනම් මුළු ණයගැතියන්ගෙන් සියයට 25.46කි.
චිත්‍රපට නිෂ්පාදනය සඳහා ලබාදී ඇති ණය නැවත ගෙවන ලෙස සිනමා ශාලාවලට දැනුම්දී ඇති බව චිත්‍රපට සංස්ථාවේ කළමනාකාරීත්වය විගණනයට දැනුම් දී ඇත. දැනට ක්‍රියාත්මක වන සිනමාශාලා 142කින් හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කරන බවත් වසාදමා ඇති හා පැරණි සිනමාශාලාවලින් අයකර ගත යුතුව තිබූ හිඟ මුදල් රුපියල් මිලියන 27ක් පමණ අයකරගෙන ඇති බවත් සඳහන් කර ඇති කළමනාකාරිත්වය හිඟ මුදල් අයකර ගැනීමට නොහැකි සිනමා ශාලාවලට නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතින බව ද විගණනයට සඳහන් කර ඇත."
යනුවෙන් එම පුවතෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නමින් ඉදිකිරීම් ආරම්භ කළ කෞතුකාගාරය සහ පුස්තකාලයේ කටයුතුද ඇනහිටි බව මෙම පුවත සමග පළ කර තිබිණි.

Back to top
Go to bottom