බුද්ධික ජයරත්න කියන්නේ අපිට ඉන්න ජනප්‍රිය, දක්ෂ රංගන ශිල්පියෙක්.
බුද්ධිකගේ රංගනය දක්ෂතාවය වගේම මනුෂ්‍යත්වය විදහා දැක්වූව අවස්ථාවක් මිරර් ආට්ස් අපට දැන ගන්න ගන්න ලැබුණා.
එළඹේන මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ මෙවැනි මනුසත් කමින් පිරුණු හදවත් තවතවත් වැඩිවෙන්න කියලා ප්‍රර්ථන කරන ගමන් බුද්ධික මහුණු පොතට එක්කරපු වචන ටික පහතින් සඳහන් කරන්න කැමතියි.
'පරන යාලුවෙක්---දින කීපයකට පෙර මම මගේ කාර් එකේ බඩුවක් ගන්න දෙල්කද කඩයකට ගියා.. මට පාර පැත්තෙන් මගේ නම කියලා කවුදෝ කතා කලා. වට පිට බලපු මම දැක්කෙ මගේ පරන යාලුවෙක්..( ටවුන් හෝල් පැත්තේ ඉස්කෝලෙ ගිය ,ටියුශන් ගිය අයටනම් මෙයාව හොදට මතක ඇති.. ).. 164 හෝල්ට් එක ලග මෙයා ඉන්නවා.. ඉස්කෝලෙ යන කාලෙත් මට මතකයි.. මෙයා හිගන්නෙක් කියන්න මගේ දිව නැමෙන්නෙ නැහැ. ඉනෙන් පල්ලයහ කොටස පන නැති මේ සුන්දර මිනිසාට අපි ආදරේට චූටි අයියා කියලා කිවුවේ.. මෙයා ජීවත් වුනේ එයාටම හැම දාම කීයක් හරි දෙන අයගෙන්. හැමදාමත් හිටියේ හිනාවෙලා.. අපිට ප්න්ටියක් බොන්න විදිහක් නැති බව තේරුනාම අපිට මෙයා ප්ලේටි අරන් දෙනවා.. පසුකාලීනව මට ඔහු හම්බවෙන්නෙ මගේ චිත්‍ර පටයක් බලන්න මම හෝල් එකකට යන වෙලාවේ.. ඔහු මගේ අත් දෙක බදාගෙන සිප ගෙන වටේම ඉන්න මිනිස්සුන්ට මහත් උජාරුවෙන් කියනවා මම මේ මහත්තයව දන්නේ මෙයා ඉස්කෝලෙ යන කාලේ ඉදලා කියලා.. උබ මහ සුන්දර මිනිහෙක් අයියෙ. උදේ ඉදන් රෑ වෙනකම් පාරේ හිටියත්.. උබ වයසට ගිහින් නෑ මං තරන්වත්.. මට හිතුනා ඔයා මට ජීවිතය ගැන පාඩමක් කියා දුන්නනාද කියලත්. හමුවුන සෑම වෙලාවකම වගේ ඊයෙත් උබේ අතේ සල්ලි කොල කීපයක් ගුලිකලේ උබ අපිට ඒකාලේ අරන්දීපු ප්ලේටි වල නය ගෙවන්න නෙවෙයි.. මොකද ඒ ප්ලේටිය ගෙදර ගිහින් අම්මගේ බත් එක කනකම්ම අපේ බඩ පිරෙඋවා.. මේ සෙල්ෆිය සහ මේ පොඩි සටහන ඔටය උපහරයක්ම වේවා ශක්තිවන්ත මිනිසානෙනි....ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා..!!'