හැමෝම මේ රුපියල් 50 නෝට්ටුව දැකල ඇති. නොදැකපු කෙනෙක් නැතුව ඇති. කියන්න යන්නේ මේ 50 නෝට්ටුවේ ඉන්න වෙස් නැටුම් ශිල්පී රුව මෙතනට ආවේ කොහොමද කියල.
වර්ෂ 1906 පෙබරවාරියේදී සුන්දර දුම්බර මිටියාවත ආසන්න පිහිටි නිත්තවෙල රජමහා විහාරය පෙනෙන මානයේ කිරි උක්කුවා නම් පනික්කි ගුරුන්නාන්සේගේ එකම පුත්‍රයා විදිහට දරුවෙක් මෙලොව එලිය දුටුවා. ගුන්යා නමින් නම් ලබපු ඒ දරුවා පසු කලෙක උඩරට නැටුම ජාත්‍යන්තර තලයට ඔසවා තබන්නට සමත් වුනා. එයට ගරුකිරීමක් විදිහට 1950 දී ශත හතරක වටිනාකමකින් යුතු මුද්දරයකට එතුමාගේ රුව යෙදුනා. මෑතකදී අපි භාවිතා කරන 50 නොට්ටුවට එතුමාගේ රුව යෙදුනෙත් ගෞරවයක් වශයෙන්.
නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ නමින් ප්‍රකට මෙතුමා වයස අවුරුදු 18 දී නිත්තවෙල රජමහා විහාරයේදී හිස වෙස් පලදී අතර ඉන් අනතුරුව වසර 57 ක් නුවර පෙරහරේ දළදා උපහාරය වෙනුවෙන් නර්තනයේ යෙදුන. සම්පූර්ණ වෙස් ඇදුම් කට්ටලයෙන් සැරසුණු විට ඉතාමත් තේජාන්විත බවයි පැවසෙන්නේ. පෙරහරේ නටා දෑත් එක්කර දළදා සමිදුට වදින දෑතින් කිසි දින අඩව්වක් අල්ලා මුදල් ලබා ගැනීම සදහා ජනතාව වෙත දෑත් දිගු නොකළ උතුමෙක් ලෙසද පැවසෙනවා. සමනල වන්නම සහ මහබෝ වන්නම මෙතුමාගේ ස්වයන් නිර්මාණයි.
දෙහිවල සත්ත්ව උද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරී, ජෝන් හේන්බර්ග් මහතා මෙතුමාගේ නැටුම් දැකීමෙන් අනතුරුව ජර්මනියට යන්න ආරාධනා කල. ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකික උඩරට නැටුම් කණ්ඩායමක් මෙතුමා සමග එලෙස ජර්මනියට ගියේ 1927 දී. පසුව 1957 දී රුසියාවේ මොස්කව් වෙතද 1958 දී ෆිල්ම් ෆෙයාර් උළෙලට ද තවත් රටවල් රැසකට ද ගිය අතර 1947 දී ජර්මනියට ගිය ඔහුට රන් ගෞරව සම්මානයක් ලැබුන. එය වෙස් ඇදුම් පෙට්ටියේ තැන්පත් කල එතුමා කොළඹ වරයට ගොඩ බැස්සේ හැඩු කදුලින්. ඒ රන් සම්මානය කිසිවෙකු සොරාගෙන ඇති නිසා. එය අදටත් අබිරහසක්. මේ අසහාය කළා කරුවා 1979 දෙසැම්බර් 26 වෙනිදා සදහටම දෙනෙත් පියාගත්තා.
උපුටා ගැනිම - රොෂාන් ඉක්බාල්ගේ ෆෙස් බුක් පිටුවෙන්