lan englan tam

පුවත්

'තණමල්විල කොල්ලෙක්'ට පසු රොෂාන් අලුත් වැඩක් අරන් එයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය සහ ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් අතර චරිතාංග නළුවකු වන රොෂාන් රවීන්ද්‍ර සිය අලුත්ම නිර්මාණය සඳහා මේ වන විට සූදානම් වෙයි.

අධ්‍යක්ෂණයට පමණක් නොව එම නිර්මාණයේ ප්‍රධාන චරිතයටද පණ පොවමින් ඔහු රසික සිත් සොරාගන්නට සූදානම් බව 'තණමල්විල කොල්ලෙක්' ෆේස්බුක් සමූහයේ සක්‍රීය සාමාජිකයකු වන ඩී. සිල්වා ගාල්ලගේ පවසයි.
කැමරා ශිල්පී තිසර තුල්වන්, වේශ නිරූපණ ශිල්පී වසන්ත පූර්ණවංශ, සංස්කාරක ලක්රුවන් යනාදී 'තණමල්විල කොල්ලෙක්' නාට්‍යයේ සාමාජිකයෝ මේ සඳහාද රොශාන් සමග අත්වැල් බැඳගෙන සිටිති.
එහෙයින්, සිය සමූහයට කඩිනමින් එක් වන ලෙසද ඩී. සිල්වා ගාල්ලගේ ආරාධනා කරයි.
ඒ අනුව රොශාන්ගේ අලුත්ම නිර්මාණයේ යාවත්කාලීන කිරීම්, තිරයෙන් පිටුපස කතා, රසවත් මතක රසිකයින්ට දැන්ගත හැකියාව ඉදිරියේදී ලැබෙනු ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom