lan englan tam

පුවත්

ප්‍රවීණ මාධ්‍යවේදී ලක්ෂ්මන් ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දීර්ඝ කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ සේවය කළ ප්‍රවීණ මාධ්‍යවේදී ලක්ෂ්මන් ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබේ.

1965 සිට මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිස දිවයින, ලේක්හවුස් ආයතනය ඇතුළු ප්‍රමුඛ පුවත්පත් සමාගම් ගණනාවක සේවය කළ ලක්ෂ්මන් ජයවර්ධන ලංකාදීප පුවත්පත පිහිටුවීමටද සහාය වූ එක් තැනැත්තෙකි. ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළ ඔහු
සිය ධුර කාලයේදී ඩේලි නිවුස් සහ සන්ඩේ ඔබ්සර්වර් ඔන්ලයින් සංස්කරණ දියත් කළේය. ඩේලි නිව්ස් ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය ඔස්සේ පුවත් පළ කළ පළමු ප්‍රවෘත්ති ප්‍රකාශනය වේ.
පුවත්පත් කලා පුහුණු ආයතනයක්ද ආරම්භ කළ ඔහු ශ්‍රී ලංකා විදේශ සේවයට සම්බන්ධ වී කැනඩාව සහ ඉන්දියාව යන රටවල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශකවරයා ලෙසද කටයුතු කළ අයෙකි.
ඔහු අන්තර්ජාලය සහ ශ්‍රී ලංකා විදේශ සේවය පිළිබඳ පොත් කිහිපයක් ද ලියා ඇත.
ලක්ෂ්මන් ජයවර්ධනගේ දේහය මහරගම පිහිටි නිවසේ හෙට (30) තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු පෙබරවාරි 01 වැනිදා සවස 04ට මහරගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

Back to top
Go to bottom