සිංහල සහ දෙමළ අලූත් අවුරුදු සැමරුම සඳහා ගිනිකෙළි භාවිත කරන්නේ නම් සෑමවිටම නියමිත ආරක්ෂක උපදෙස් පිළිපදින්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙද නිලධාරීනී පුෂ්පා රම්‍යානි සොයිසා කියා සිටියේ අනවශ්‍ය කළබලය සහ මත්පැන් භාවිතය අවම කරගත හොත් අවුරුදු කාලය තුළ හදිසි අනතුරු අඩු කර ගැනිමේ හැකියාව පවතින බවයි.