ඉන්දියාවේ ඥානම් පදනම විසින් යාපනයේ අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් ඉදිකළ නිවාස 150ක් පසුගිය 10 වැනිදා ලබාදුන්නේය.
මෙම නිවාස ලබාදීමේ උත්සවයට තමිල්නාඩුවේ සුපිරි නළු රජිනකාන්ත් එක්වීමට නියමිතව තිබුණත් තමිල්නාඩු දෙමළ දේශපාලඥයින්ගේ විරෝධය මත ඔහු ශ්රී ලංකාවට නොපැමිණීමට තීරණය කළේය.
විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු ආරාධිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සව පැවැත්වූ අත එහිදී අදහස් දැක්වූ විපක්ෂනායකවරයා පැවැසුවේ ජනතාව බලාපොරොත්තු වූ වෙනස වත්මන් ආණ්ඩුවෙන් මෙතෙක් ඉටු නොවූ බවයි.