lan englan tam

පුවත්

සචින් චිත්‍රපටයක් ලියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය ටෙලි හා සිනමා නළුවකු වන සචින් ලියනගේ මේ වන විට සිය රංගන, නිරූපණ කාර්යයන්ට අමතරව අලුත් කටයුත්තකට අවධානය යොමු කර තිබේ.

ඒ සචින් විසින් චිත්‍රපටයක තිර පිටපතක් නිර්මාණය කිරීමයි. මේ වන විට එම කටයුතු අවසන් වීමට නියමිත බව සචින් පවසන අතර ඔහු එම තිර රචනාව ප්‍රේක්ෂකයින් අතරට ගෙන ඒමටද බලාපොරොත්තුවෙන් හිඳී.
මේ වන විට ටෙලි නාට්‍ය දෙකක රඟපෑමේ කටයුතු සමග කාර්යබහුල වී හිඳින සචින් එම කටයුතු සමග තව චිත්‍රපටයක රඟපෑමටද නියමිත අතර සිය තිර රචනාව කෙබඳු එකක්ද යන්න තමවත් හෙළි කර නොමැත.
එය අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සචින් විසින්ම සිදු කරනු ලබන්නේද යන්න පවා ඔහු තවමත් තීරණය කර නොමැත.
කෙසේනමුත්, මේ වෙද්ද්හී සචින් චිත්‍රපට තිර රචකයකු වී අවසන්ය.

Back to top
Go to bottom