lan englan tam

පුවත්

“අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය” 2025

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

“අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය”, ‘ටවර් නාට්‍ය උළෙල’ මරදාන ටවර් හා එල්ෆින්ස්ටන් රංග ශාලා කේන්ද්‍ර කරගනිමින් ඊයේ (11) ආරම්භ විය.

 
ඒ, ටවර් හෝල් රඟහල පදනමේ සභාපති අග්‍රාමාත්‍ය  හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.
 
Untitled 1rtwr
 
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ, ටවර් හෝල් රඟහල පදනම මඟින් ක්‍රියාත්මක ‘ටවර් නාට්‍ය උළෙල’ මෙවර සංවිධානය වන්නේ 05 වැනි වරටයි.
 
 නාට්‍ය රසවිඳීම සඳහා ගුණාත්මක ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කිරීම, නාට්‍යකරුවන්ගේ ආදායම් මට්ටම වැඩිදියුණු කිරීම, නාට්‍ය ප්‍රවර්ධනය කිරීම හා නාට්‍ය පිළිබඳ පුළුල් සමාජ කථිකාවතක් ගොඩනැඟීම අරමුණු කරගනිමින් මෙම උළෙල සංවිධානය කෙරේ.
 
මෙවර නාට්‍ය උළෙලේදී පුරා දින 10ක් තුළ දිගු නාට්‍ය 14ක්, කෙටි නාට්‍ය 12ක් හා ළමා නාට්‍ය 08ක් වශයෙන් නාට්‍ය 34ක් දර්ශන වාර 68ක් වන ලෙස වේදිකාගත කිරීමට නියමිතයි.
 
 
 
එමෙන්ම නාට්‍ය උළෙල පැවැත්වෙන දින 10 පුරාවට ටවර් කලා ශිල්පීන් දෙපළක් බැගින් ශිල්පීන් 20 දෙනකුට ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන ‘ටවර්’ උපහාර සම්මානය හා මූල්‍යමය තිළිණ පිරිනැමෙන අතර එහි පළමු සම්මානය ප්‍රවීණ කලාකරු විජේරත්න වරකාගොඩ වෙත අග්‍රාමාත්‍යවරිය අතින් ඊයේ පිරිනමන ලදී.
 
 
474627992 1127001115878992 8880530986650737138 n
 
 
Back to top
Go to bottom