lan englan tam

පුවත්

පුංචි දුවත් එක්කම anniversary එක සමරපු පුබුදු හා මාෂි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

View the embedded image gallery online at:
https://mirrorarts.lk/news/10730-anniversary#sigProId614e2b0f43

පුබුදු චතුරංග කියන්නේ සිනමාව වගේම පුංචි තිරයත් ජයගත්ත අති දක්ෂ රංගන ශිල්පියෙක්.


මේ කියන්න යන්නේ නම් පුබුදු සහ ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධන ඔවුන්ගේ 7 වන විවාහ සංවත්සරය සමරපු හැටි ගැන.
මේ ගැන තමන්ගේ මුහුණු පොතේ සටහනක් තබමින් පුබුදු සදහන් කරලා තියෙන්නේ, බිරිඳ සහ සැමියා බවට පත් වීමට තීරණය කිරීම මාෂි හා පුබුදු ජීවිතයේ ගත්ත හොඳම තීරණය කියලයි.


ඒ වගේම ඔවුන් දෙදෙනාගේ විවාහ සංවත්සරය වෙනුවෙන් සිදුකරපු ඡායා රූපගතකිරීමක ඡායාරූප පෙළක් ද මුහුණු පොතට එකතු කරලා තිබුණා. මේ ඡායාරූප පෙළට මාෂි හා පුබුදුගේ පුංචි දියණියත් සහභාගී කරගෙන තිබුණා.ඉතින්, ඔබ දෙපළට සුභම සුභ විවාහ සංවත්සරයක් වේවා.

 



"වසර හතක
මතක පෙතක
ඇවිද විත් මෙලෙස,
ආදරයේ නොමැකෙනා
සිහිනයත්,
අමිල වූ ප්‍රේමයේ
තිලිණයත්,
මගේ කල ඔබට…
සුබ ආදරයේ සංවත්සරයක්…"


(පුබුදු චතුරංගගේ මුහුණු පොත ඇසුරිනි.)

kemadasa

shungara

Back to top
Go to bottom