ත්රිමාණනිර්මාණකරුවන් ලෝකයේ බොහෝප්රසිද්ධියට පත්ව තිබේ. එවැනි නිර්මාණකරණයේ ශ්‍රේෂ්ඨයෙකු ලෙස ඉදිරියෙන්ම සිටින නිර්මාණකරුවෙකු ලෙස සම්මානලාභී Alessandro Diddiහැඳින්විය හැකිය. ඔහු සාමාන්‍ය නිර්මාණකරුවෙකු නොවෙයි. මොහුගේ නිර්මාණයන් ත්‍රිමාණ නොවූවත් ඒ සඳහා භාවිත කර ඇත්තේ මේ වනවිට ලෝකයෙන් ඉවත්වී ඇති සුලබ ද්‍රව්‍යයකි.
Alessandro Diddiනම් නිර්මාණකරුවා විසින් සිදුකරනු ලබන්නේ සිතාගත නොහැකි සිතුවම් සංකල්පයකි. ඔහු විසින් සිතුවම් කරනු ලබන නිර්මාණයන් ත්‍රිමාණ ලෙස තාත්වික බවක් ගෙනදෙනු ලබන්නේ ඒ සඳහාම ඔහු යම්කිසි ද්‍රව්‍යයක් භාවිත කරනු ලබන හෙයිනි. මොහු මේ සඳහා භාවිතා කරනු ලබන්නේ දළ සේයාපට සහ Floppy diskය. මෙම ද්‍රව්‍ය මේ වනවිට ලෝකයෙන් ඉවත්වී යන ඉලෙක්ට්‍රොනික උපාංගයන් බවට පත්ව ඇත.
Alessandro Diddiවිසින් සිදුකරන නිර්මාණයන් බොහෝ ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබේ. වෙළෙඳ දැන්වීම් සඳහාද ඔහුගේ ඇතැම් සංකල්පයන් උපයෝගී කරගනු ලබයි. බොහෝවිට මොහුගේ මෙම නිර්මාණයන් හොලිවුඩයේ ඇතැම් චිත්‍රපට කර්මාන්ත ශාලා උපයෝගී කරගනු ලබයි.
1980 වර්ෂයේ උපන් ඔහු ලන්ඩනයේ ජීවත් වෙයි. ඔහු මෙම නිර්මාණ සිදුකරනු ලබන්නේ වෘත්තීමය වශයෙනි. පාසල් කාලයේ සිට කලාවට ආදරය කරනු ලැබූ ඔහු මේ වන විට වෘත්තීය වශයෙන් ඉදිරියෙන් සිටින ත්‍රිමාණ නිර්මාණකරුවෙකි. ඔහු විසින් තම නිර්මාණ සිදුකරනු ලබන්නේ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාව උදෙසාය.
මෙම නිර්මාණඋපයෝගී කරගනිමින් ඔහු සිදුකරන ව්‍යාපාරය අද ලෝකයේ බොහෝ කතාබහට ලක්ව තිබේ. මොහුගේ මෙමසිතුවම් බොහෝ වශයෙන් චිත්‍රපට නිර්මාණ ශාලා වල අලංකරණයට භාවිත කරනු ලබයි. දළ සේයාපට, Floppy disk, කැසට්පට සහ Xrayඔහුගේ නිර්මාණ අලංකරණයට උපයෝගී කරගනු ලබයි.
පාසල් කාලයෙන් පසු උසස් අධ්‍යාපනය සඳහා ඔහුට යොමුවීමට අවස්ථාව සහ හැකියාව නොමැති වූ බව සඳහන් වෙයි. ආර්ථික වටිනාකමක් නොමැති පවුලක උපන් ඔහුගේ පාසල් ගමන බොහෝ සේ අඩාල වූ අතර, තමන් කුඩා කාලයේ සිට පියාගෙන් පසුව පවුලේ බර දැරීමට සිදුවී තිබේ. එම කාරණා හේතුවෙන් ඔහුට උසස් අධ්‍යාපනයට ළඟාවීමට නොහැකි වූ අතර, කුඩා පිරිවැයක් ඔස්සේ විශාල ආදායමක් ලබාගැනීම ඔහුගේ අභිප්‍රාය විය.
Alessandro එම සිහිනය මේ වනවිට සපුරා ගෙන සිටී. ඔහු කිසිඳු මාධ්‍යක් සඳහා පෙනී සිටීම ප්‍රතික්ෂේප කරයි. සිය නිර්මාණ පිළිබඳව වෙබ් අඩවි මෙන්ම පුවත්පත් සහ සඟරා වලදී කොතරම් කතා කළද ඔහු ඒ පිළිබඳව තැකීමක් නොකරයි. කෙසේවුවද කාලීන වශයෙන් දියුණු වූ සමාජ රටාව තුළ Alessandro ගේ මෙම නිර්මාණ සංකල්පය අදටත් බොහෝදෙනාට අභියෝගයක් වී හමාරය.
මැදිවයයේ පසු වූ ඔහු නිර්මාණය අංශයෙන් අධ්‍යාපනය ලබමින් පවතී. පාසල් කාලයේදී අධ්‍යාපනය අවසන් කිරීමට නොහැකි වූ නමුත් මේ වනවිට තම රැකියාව වන කලාව පිළිබඳව හදාරමින් විවිධ අංශයන් ඔස්සේ නිර්මාණයන් ඉදිරිපත් කිරීමට ඔහු බොහෝ සේ උත්සාහ ගනු ලබයි.
Alessandro Diddi විසින් බොහෝ විට දළ සේයාපට, Floppy disk, කැසට්පට සහ Xray යන ද්‍රව්‍ය යොදා නිර්මාණය කරනු ලබන්නේ මිනිස් රූපයන්ය. ඒ සඳහා ඔහු විසින් බොහෝසෙයින් වෙහෙසෙන අතර, ඔහුගේම කලාගාරයක් ඔස්සේ තම නිර්මාණයන් ප්‍රදර්ශනය කර තිබේ.